05 💚

40 9 30
                                    

"අන්යොන්හසෙයියෝ. සුබ දහවලක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ නේවර් නව් ලන්ච් ඇටෑක් වැඩසටහනත් එක්ක. "

ප්‍රෝග්‍රෑම් එකේ ට්‍රේලර් එක ප්ලේ වෙන අතරේ MC අපි දිහා බලලා හිනා වෙලා ඔළුව වැනුවේ හැමදේම හරි කියන්න වගේ. එයාටත් පිළිතුරු හිනාවකින් සංග්‍රහ කරලා මන් ආපහු මගේ ඇස් යැව්වේ කමෙන්ට් සෙක්ෂන් එක දිහාවට. කලින්ටත් වඩා වේගයෙන් ඉහළ පහළ දුවන කමෙන්ට්ස් දැක්කම නම් කලින් තිබ්බ චකිතය නැති වෙලා අමුතු ශක්තියක් ලැබුණා වගේ.

"මන් හිතන්නේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක් ප්‍රසිද්ධ දෙන්නෙක් කිව්වොත් මන් වැරදි නෑ. 2005 - 2010 අතර කාලයේ මුළු කොරියාව ම විතරක් නෙමේ කොරියාවෙන් පිටතත් රටවල් බොහෝමයක් මියුසික්වලින් හොල්ලපු බෝයි ගෘප් එකක සාමාජිකයෝ දෙන්නෙක්. පිළිගන්න, මේ SS501 හෝ යොන්ග් සෙන්ග් සහ කිම් ක්‍යු ජොන්ග්. අන්යොන්හසෙයියෝ. "

"නේ, අන්යොන්හසෙයියෝ. හෝ යොන්ග් සෙන්ග් ඉම්නිදා. මන්නාසෝ බන්ගාවොයෝ (nice to meet you) "

හ්යොන්ග්ට පස්සේ කැමරාව මට ෆෝකස් වුණා කියලා දැනෙද්දි මාත් ආචාර කරලා මාව හඳුන්වලා දුන්නා.

"අන්යොන්හසෙයියෝ. කිම් ක්‍යු ජොන්ග් ඉම්නිදා. මන්නාසෝ බන්ගාවොයෝ. "

"මන් හිතන්නේ දැනටමත් මේ දෙන්නට ආදරේ කරන රසිකයින් ගොඩක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින්, ඉදිරි පැය එක හමාර තුළ ඔයාලත් එක්ක ගොඩක් දේවල් බෙදා හදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි වෙලා ගත නො කර ම අපි අපේ කතාබහ ආරම්භ කරමු. ඉස්සෙල්ලම කියන්නකෝ, අද ඔයාලට විශේෂ දවසක්, එහෙම නේද?"

MCගේ පළවෙනි ප්‍රශ්නය යොමු වුණේ යොන්ග් සෙන්ග් හ්යොන්ග්ට.

"ඔව්, අද අපිට ගොඩක් විශේෂයි. අපි අපේ ෆෑන් ක්ලබ් එක නිල වශයෙන් පටන් ගත්තේ 2005 අද වගේ දවසක. ඉතින් ඇත්තටම අද අපිට වගේ ම අපේ ෆෑන්ස්ලා, ට්‍රිපල් එස්ලටත් ගොඩක් විශේෂ දවසක්. "

හ්යොන්ග් කතා කරන එක නවත්තලා මන් දිහා බැලුවේ ලෑස්ති ද කියලා අහන්න වගේ. මන් හෙමිහිට ඔළුව වැනුවේ හ්යොන්ග්ට ඔව් කියන්න.

Just One Word || KKJ [Completed] Where stories live. Discover now