01 💚

55 11 15
                                    

' මෙවර සෝල් නගරයේ පළමු හිම පතනය පසුගිය වසරට සාපේක්ෂව ප්‍රමාද වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ පළමු හිම පතනය සිදුවන විට පැවති උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් මේ දිනවල වාර්තා වෙන බව පැවසූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අදහස් දක්‌වමින් පවසා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වන දින උදෑසන 6.25ට පමණ සෝල් නගරයේ පළමු හිම පතනය වාර්තා වුවද මෙවර එය දින 10ත් 15ත් අතර කාලයකින් ප්‍රමාද වනු ඇති බවයි.

ඒ අනුව පළමු හිම පතනය හෙට- '

ටීවී එක ඕෆ් කරලා රිමෝට් එක ළඟ තිබුන පොඩි ස්ටූල් එක උඩට විසික් කරපු මන් වාඩිවෙලා හිටපු සෝෆා එකෙන් ම ඇලවෙලා ඇස් දෙක පියාගත්තා. හරිම කම්මැලියි.. කරන්න කිසිම දෙයක් නැති තැන ටීවී එක බලන්න කියලා දාගත්තත් අන්තිමට මන් ඒ අදහසත් අතෑරලා දැම්මේ මේ වෙලාවට හැම චැනල් එකේ ම යන්නේ නිව්ස් විතරක් නිසා.

ම්.. ඔම්මට කෝල් කරනවද?

හිටපු විදිහට ම ඉඳගෙන අත විතරක් දික් කරලා ස්ටූල් එක උඩ තිබ්බ ෆෝන් එක අරගෙන මන් ඔම්මගේ නම්බර් එක ඩයල් කළේ පුරුද්දට වගේ. ටික වෙලාවක් රින්ග්ස් යනකොට ම ඔම්මා කෝල් එක ආන්සර් කරද්දි මගේ මූණට හිනාවක් ආවේ සමහරවිට මන් කියාගන්න බැරි පාළුවකින් හිටපු නිසා වෙන්නැති.

"යොබුසෙයෝ ඔම්මා. "

"ඕ ආදල්, කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ. "

ඔම්මා කිව්වේ නෝක්කාඩු ස්වරයකින් වුණත් ඒ වචන ටික මට ගෙනාවේ ලොකු සතුටක්.

"අනියෝ ඔම්මා, ඔම්මලව අමතක වුණා නෙමේ. පහුගිය දවස් ටිකේ අලුත් සින්දුවේ වැඩ නිසා ටිකක් බිසී වෙලා හිටියේ. හැමදාම ගෙදර එද්දි රෑ වෙලා නිසා ඔම්මලා නිදි ඇති කියලයි කෝල් කළේ නැත්තේ. ඉතින්, ඔම්මලා සනීපෙන් ඉන්නවා නේද? "

"නේ අපි හැමෝම හොඳින් ඉන්නවා. ආදල්ත් හොඳින් ඉන්නවා නේද? වෙලාවට කෑම එහෙම කන්න ඕනේ හොඳද? "

"නේ නේ ඔම්මා. ඒක නෙමේ.. ඔම්මලා ළඟදි ඉයුන්හාලගේ ගෙදර එහෙම ගියේ නැද්ද? "

Just One Word || KKJ [Completed] Where stories live. Discover now