04 💚

37 8 22
                                    

අද.. දෙසැම්බර් 18 වෙනිදා..

මන් අවුරුද්දේ වැඩිපුර ම ආස කරන දවස්වලින් එකක්. හරියට ම මීට අවුරුදු 16කට කලින් අද වගේ දවසක තමයි අපි අපේ ෆෑන් ක්ලබ් එක පටන් ගත්තේ. ඔව්.. අද තමයි ට්‍රිපල් එස්ලගේ උපන්දිනේ. එදා ගොඩක් පුංචියට පටන් ගත්තු අපේ ට්‍රිපල් එස් ෆෑන්ඩම් එක ටිකෙන් ටික ලොකු වුණේ අපි පස් දෙනාට හිටපු ලොකු ම හයිය එයාලා වෙද්දි. 2010න් පස්සේ අපි වෙන් වෙලා සෝලෝ ආටිස්ට්ස්ලා වුණත් තාමත් අපේ හයියට වැඩිපුර ම ඉන්නේ අපේ සෝලෝ ෆෑන්ඩම්ස්වලට වඩා ට්‍රිපල් එස්ලා. අලුතෙන් සින්දුවක් රිලීස් කළත්, සෝශල් මීඩියා අප්ඩේට් කළත්, මොකක්හරි ප්‍රෝග්‍රෑම් එකකට ගියත් අපිට එන කමෙන්ට්ස් ගොඩක ට්‍රිපල් එස් කියන නම ගෑවිලා හරි තියෙනවා දකිද්දි මට නම් දැනෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක්.

අපි සෝලෝ පටන් අරගෙනත් දැන් අවුරුදු ගානක් ගෙවිලා ගිහින් වුණත් තාමත් එයාලා අපි ගෘප් එකක් විදිහට එකට හිටපු අවුරුදු පහට ආදරේ කරන විදිහ, ආපහු කවදාහරි අපි එකට එකතු වෙනකන් බලන් ඉන්න විදිහ.. සමහර වෙලාවට බිසී ෂෙඩියුල්ස්වලට හිර වෙලා හරි හමන් කෑමක් බීමක් නැතුව, නින්දක් නැතුව මහන්සි වෙද්දි මේ හැමදේම අපිට ගොඩක් ලොකු ශක්තියක්. එයාලා නො දන්නවා වුණාට අපි කඩන් වැටුණ හැම තැනකදී ම අපිට ආපහු නැගිටින්න උදව් කළේ එයාලා.

උදේ ම ඇහැරලා ඇනිවසරි එකට විෂ් එකක් එක්ක අපේ ගෘප් ෆොටෝ එකක් ඉන්ස්ටායි ටිවිටර්යි අප්ඩේට් කරලා මන් මාව ටැග් කරපු පෝස්ට්ස් බලන්න ගත්තා. ඇත්තටම ඒවා ගොඩක් ලස්සනයි. අපේ ට්‍රිපල් එස්ලා හරිම ක්‍රියේටිව්. අපි පස් දෙනා එකට නැතත් අපේ තනි ෆොටෝස් අරගෙන ඒවා ගෘප් ෆොටෝස් විදිහට එඩිට් කරලා. SS501 කාලේ ලස්සන මතක එකතු කරලා වීඩියෝ හදලා. ගොඩාක් අය අපි Green Peas සින්ග් කරපු අවස්ථා ගොඩක් ශෙයා කරලා තිබ්බේ සින්දුවේ කෝරස් එකේ ලිරික්ස් එක්කමයි. ඒ හැම පෝස්ට් එකක් ම එකින් එක බලලා ලයික්, කමෙන්ට් කරන්න ඕනේ වුණත් මට පෝස්ට්ස් ටිකක් විතරක් බලලා නවත්තන්න වුණේ නේවර් නව් ප්‍රෝග්‍රෑම් එකට යන්න ලෑස්ති වෙන්න තියෙන නිසා. ආපහු හවසට ඉතිරි ටික බලනවා කියලා හිතාගෙන මන් ලෑස්ති වෙන්න ගියේ යොන්ග් සෙන්ග් හ්යොන්ග්ටත් මැසේජ් එකක් දාලා.

Just One Word || KKJ [Completed] Where stories live. Discover now