06 💚

35 10 21
                                    

"හ්යොන්ග්, මොකක්ද හ්යොන්ග් අර ප්‍රෝග්‍රෑම් එක මැදදී මට කියන්න ගියේ? "

මන් ඇහුවේ MCටත් ස්ටාෆ් එකේ හැමෝටමත් ආචාර කරලා ෂූටින් සෙට් එකෙන් එළියට එන අතරේ.

"අාහ් ඒක.. ඔයාට අපේ බැලූන් කලර් එක මතක නැද්ද ක්‍යු ජොන්ග්-ආහ්? "

"මතකයි මට. පර්ල් ලයිට් ග්‍රීන්නේ. ඇයි හ්යොන්ග් එකපාරට ඒක ඇහුවේ? "

"නෑ මේ.. ඔයා ප්‍රෝග්‍රෑම් එකේදී කිව්වේ එමරල්ඩ් ග්‍රීන් කියලා. "

"මොකක්? "

මන් හ්යොන්ග්ගෙන් පුදුමයෙන් වගේ ඇහුවේ මට එහෙම දෙයක් මතක නැති නිසා.

"අාහ්.. ඒක අමතක කරන්න. කාටවත් ඒක තේරුණේ නැතුව ඇති. "

"ඒත් හ්යොන්ග් ඒක කොහොමද ඒ තරම් ලේසියෙන් අමතක කරන්නේ? මන් වරද්දලා තියෙන්නේ අපේ බැලූන් කලර් එකනේ. ට්‍රිපල් එස්ලා මොනවා හිතුවද දන්නේ නෑ. "

"අයිගෝ.. ඒක අමතක කරන්න දැන්. මන් කිව්වේ, කාටවත් ඒක තේරුණේ නැතුව ඇති. අනික වැරදි වෙන්නේ මිනිස්සු අතින්නේ. "

"ඒත් හ්යො- "

"ඔයා කොහෙද දැන් යන්නේ? කෙලින් ම ගෙදර යනවද නැත්නම් වෙන මොකක්හරි වැඩක් තියෙනවද? "

මන් කතා කරන්න හදද්දි හ්යොන්ග් මාව කපා හැරලා කතා කළේ කතාව වෙනස් කරන්න කියලා මට තේරුණා. ඒ නිසා තවත් මේ ගැන හ්යොන්ග් එක්ක කතා කරලා වැඩක් නෑ. එක අතකට හ්යොන්ග් කිව්වා වගේ මන් කිව්ව දේ කාටවත් තේරුණේ නැතුව ඇති. මන් කියපු දේවත් මතක නැති කොට ඒක ට්‍රිපල් එස්ලට තේරුණා ද නැද්ද කියලා හිතන එකත් මෝඩකමක්නේ. එහෙම හිතලා මන් ඒක අමතක කරන්න හිත හදා ගත්තත් ඒ ගැන පුංචි මතකයක් හිතේ කොනක තැන්පත් වෙන එක වළක්වන්න මට බැරි වුණා.

"ගෙදර යන්නේ හ්යොන්ග්. ආපහු ලබන සතියේ ඉඳන් මියුසික් වීඩියෝ එකේ වැඩ නිසා මේ දවස් දෙක තුන නිදහසේ ඉන්න කියලා බැලුවේ. හ්යොන්ග් මොකද කරන්නේ දැන්? "

"මට නම් පොඩි වැඩ වගේකට කම්පනි එකට යන්න තියෙනවා. ඊටපස්සේ වෙලාව තිබුණොත් ඔම්මව බලන්න යන්න හිතාගෙන ඉන්නේ. "

"මාත් ඔම්මව මතක් කළා කියන්න හ්යොන්ග්. "

"කරේ, මන් කියන්නම්. "

කාර් පාක් එකට එනකන් ම කතා කර කර ආපු අපි දෙන්නා අන්තිමට එකිනෙකාට සමු දීලා වෙන් වුණේ හ්යොන්ග්ට කම්පනි එකට යන එක හදිස්සි නිසා.

"ක්‍යු ජොන්ග්-ආහ්, ප්‍රෝග්‍රෑම් එක හොඳට කළා. "

මන් වාහනේට නැගපු ගමන් එහෙම කිව්වේ මැනේජර් හ්යොන්ග්.

"කුමාවොයෝ හ්යොන්ග්. "

හ්යොන්ග්ටත් පුංචි හිනාවකින් සංග්‍රහ කරලා මන් ෆෝන් එක අතට ගත්තේ ලයිව් යන්න හිතාගෙන වුණත් දැන් උදේ බලන්න බැරි වුණ ෆෑන් පෝස්ට්ස් ටික බලලා හවසට ම ලයිව් යනවා කියලා හිතුවේ මේ වෙනකොටත් ට්‍රිපල් එස්ලා පැය එක හමාරක් ම අපි වෙනුවෙන් එයාලගේ වැඩ කැපකරලා තිබ්බ නිසා.

ගෙදරට එනකන් ම ෆෑන් එඩිට්ස්, ෆෑන් ආට්ස් වගේ ම ට්‍රිපල් එස්ලගේ ආදරේ පිරුණ පෝස්ට්ස් අතරේ අතරමන් වෙලා හිටපු මන් පියවි ලෝකයට ආවේ මැනේජර් හ්යොන්ග්ගේ කටහඬින්.

"ක්‍යු ජොන්ග්-ආහ්, ආපහු වැඩක් තියෙන්නේ අනිද්දා නේද? "

"ඔව් හ්යොන්ග්. එදාට ෂූටින් ලොකේෂන් එක බලන්න යන්න ඕනේ. හ්යොන්ග් එහෙම ඇහුවේ හෙට මොනවහරි වැඩක් තියෙනවද? "

මන් උත්තර දුන්නේ මේ වෙනකොටත් මට මේ මාසේ මගේ ෂෙඩියුල්ස් ටික බලලා බලලම කටපාඩම් වෙලා තිබුණ නිසා.

"එහෙම ලොකු වැඩක් ම නෙමේ. නත්තලට ඇඳුම්, තෑගි එහෙම ගත්තෙත් නෑ තාම. පුතා මන් නැතුව ෂොපින් යන්න කැමති නෑලු. ඒක නිසා මන් මේ බැලුවේ හෙට ඔයා ෆ්‍රී නම් එයාලත් එක්ක ඒ වැඩවලට යන්න කියලා. "

"අාහ්.. හ්යොන්ග් ඒවට යන්න. මට හෙට කිසිම වැඩක් නෑ. පහුගිය දවස් ටිකේ ම මන් නිසා හ්යොන්ග්ට හ්යොන්ග්ගේ වැඩ කරගන්නත් බැරි වුණානේ. "

"එහෙම එකක් නෑ ක්‍යු ජොන්ග්-ආහ්. මොනවහරි වැඩක් වැටුණොත් මට කතා කරන්න. "

"නේ නේ හ්යොන්ග්. හ්යොන්ග් එහෙනම් පරිස්සමින් යන්න. චුසිම්හෙයෝ (be careful) "

මැනේජර් හ්යොන්ග්ටත් සමු දීලා අපාට්මන්ට් එක ඇතුළට ඇවිත් මන් එහෙම්මම ඇඳට වැටුණේ ටික වෙලාවක් නිදාගන්න කියලා. එනකන් ම ෆෝන් එක බල බලා ආපු නිසා ද කොහෙද මට ටිකක් කැරකිල්ල වගේ ගතියයි.



To be continued...

Just One Word || KKJ [Completed] Onde as histórias ganham vida. Descobre agora