09 💚

57 10 48
                                    

"ඔම්මා.. හැල්මොනී.. "

කාර් එක අපේ ගෙදර ගේට්ටුවෙන් ඇතුළට දානකොට ම කකුල් දෙකත් පැටලි පැටලී එළියට දුවගෙන ආපු චූටි කොලු පැටියා ආවටත් වඩා වේගෙන් ආපහු ඇතුළට දුවගෙන ගියේ කෑගහගෙන.

"ඔප්පා.. "

"ආදල්.. "

කොලු පැටියගේ කෑගැහිල්ලට එළියට ආපු ඔම්මයි ඉයුන්හායි දෙන්නගෙම මූණුවල ඇඳිලා තිබ්බේ ලොකු පුදුමයක්.

"ඔම්මා.. "

කාර් එකෙන් බැහැලා මන් දුවගෙන ගියේ ඔම්මගේ තුරුලට. පොඩි කාලේ හරියට ඉඩ නො ලැබුණ නිසා ද මන්දා මන් ඔම්මගේ තුරුලට වෙලා ඉන්න ගොඩාක් ආසයි. විනාඩි ගානක දිගු වැළඳගැනීමකින් පස්සේ මන් ඔම්මගේ තුරුලෙන් ඈත් වුණේ මැනේජර් හ්යොන්ග්ව ඉක්මනට ආපහු යවන්න ඕනේ කියලා මතක් වුණ නිසා.

"හ්යොන්ග් දැන් යන්න ඕනේ නේද? එන්න තේ එකක් බීලම යමු. "

"ඕනේ නෑ ක්‍යු ජොන්ග්-ආහ්. මන් මෙහෙමම යන්නම්. "

"ඒත් හ්යොන්ග්.. "

කොයි තරම් පෙරැත්ත කළත් හ්යොන්ග්ට ඕනේ වුණේ ඉක්මනට ආපහු සෝල් යන්න. තවත් පෙරැත්ත කරන එකෙන් වෙන්නේ හ්යොන්ග්ට පරක්කු වෙන එක විතරක් නිසා අන්තිමට මන් හ්යොන්ග්ට යන්න දුන්නේ ඊළඟ දවසේ ආවම අනිවාර්යයෙන් ම කෑමට ඉන්නවා කියලා පොරොන්දු කරවගෙන.

"ඔම්මා, මේ කවුද? "

මැනේජර් හ්යොන්ග් ගියාට පස්සේ මගේ කොලු පැටියා එහෙම ඇහුවේ ඉයුන්හාගෙන්.

"බබාට අඳුරගන්න බැරිද මේ කවුද කියලා? "

ඉයුන්හා අහද්දී කොලු පැටියා කටත් ඇදකරගෙන ඔළුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න.

"මන් ඔයාගේ සම්චොන්නේ. අර බබාට කෝල් කරන්නේ. දැන් මතකද මාව? "

"සම්තොන්.. "

කොලු පැටියා ගානට ම නැවිලා බිම දණ ගහගෙන මන් අහද්දී එයා එකපාරට කෑගහගෙන ම මාව බදාගත්තා.

"ඔප්පා, යමු ඇතුළට. "

මන් බබාවත් වඩාගෙන ගේ ඇතුළට එද්දි ම ඉස්සරහට ආවේ අප්පා.

"අප්පා.. "

ඔම්මගේ වගේ ම අප්පගෙත් තුරුලට වෙන්න ලොකු ආසාවක් තිබුණත් බබා අතේ හිටපු නිසා මට ඒ ආසාව ටික වෙලාවකට පස්සට දාන්න වුණා. ඒ වෙනුවට අප්පට ලොකු හිනාවකින් සංග්‍රහ කරලා අප්පත් එක්කම මන් ඇතුළට ඇවිත් වාඩි වුණේ බබාවත් ඔඩොක්කුවෙන් වාඩි කරවගෙන.

Just One Word || KKJ [Completed] Where stories live. Discover now