10 💚

37 10 15
                                    

"මන් මේ ටික හෝදලා දාන්නම්. ආදල් ගිහින් සාලෙන් ඉන්නකෝ. "

ඔම්මා කිව්වේ මන් පිඟන් ටික හෝදන්න ලෑස්ති වෙනවා දැකලා.

"අයිගෝ ඔම්මා, මේවා මට පුරුදු නැති වැඩ නෙමේනේ. හැමදාම එහේ ඉද්දි පිඟන් කෝප්ප හෝදන්නේ මන් තමයි. "

"හැමදාම කරන නිසා තමයි ළමයෝ ඕනේ නෑ කියන්නේ. කාලෙකින් ගෙදර ආවම ඔයාට කියලා ගෙදර වැඩ කරවගෙන හරියනවද? ඔයා ගිහින් අනිත් අය එක්ක කතා කර කර ඉන්නකෝ. මන් ඉක්මනට මේ ටික හෝදලා දාලා එන්නම්. "

මන් මොනවා කිව්වත් ඔම්මා මට කිසිම වැඩක් කරන්න දුන්නේ නෑ. ඒත් කමක් නෑ කියලා මන් කිචන් කවුන්ටර් එකට හේත්තු වෙලා ඔම්මා වැඩ කරන දිහා බලන් හිටියේ ඔම්මා ළඟින් ඉන්න එකත් මගේ හිතට ලොකු සැනසීමක් නිසා.

"ආදල් මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නේ? "

ඔම්මා දිහා බලාගෙන සමවැදිලා හිටපු මගේ දැහැන බිඳුණේ ඔම්මගේ කටහඬින්.

"අනියෝ ඔම්මා. ඇයි ඔම්මා එකපාරට එහෙම ඇහුවේ? "

ඔම්මගේ ප්‍රශ්නෙට මන් තවත් ප්‍රශ්නයකින් ම උත්තර දුන්නා.

"සාමාන්‍යයෙන් ආදල් කිසිම වෙලාවක වැඩක් මග අරින කෙනෙක් නෙමේනේ. ඒත් අද ආදල් ෂූටින් එකත් කල් දාගෙන ගෙදර ආවා. ඒ ඇවිල්ලත් මන් වටේ කැරකි කැරකි ඉන්නේ හරියට පොඩි කාලේ වගේමයි. ආදල් පොඩි කාලෙත් මොනාහරි චූටි දෙයක් වුණ ගමන් මන් වටේ කැරකි කැරකි ඉන්නවා මන් හේතුව අහලා හිත හදනකන් ම. අනික අද ආදල්ගේ මූණත් හරි වෙනස්. ඒකයි මන් ඇහුවේ ආදල් මොකක්හරි හිතේ ප්‍රශ්නෙකින් ද ඉන්නේ? "

ඔම්මා කියද්දි මගේ ඇස්වලට කඳුළු ආවේ නෑ කිව්වොත් ඒක බොරුවක්. ඔම්මා හැමදාමත් මාව හරියටම තේරුම් ගත්තා. එක බැල්මෙන් මගේ හිතේ තියෙන හැමදේම කියන්න ඔම්මට පුළුවන්කම තිබ්බා. අදටත් ඒ හැමදේම එහෙම්මම තිබ්බත් එක ම එක දෙයක් විතරක් වෙනස් වෙලා. නේ, ඒ මන්. නෑ මන් වෙනස් වෙලා නෙමේ, මන් වෙනස් වුණා. මෙච්චර කාලයක් ඔම්මා, අප්පා වගේ ම ඉයුන්හාත් මන් වෙනුවෙන් කරපු කැපකිරීම්වලට මන් එයාලට ගෙවලා ඉවර කරන්න බැරි තරමට ණයගැතියි. එහෙම එකේ මන් කොහොමද ආපහු එයාලට මගේ ප්‍රශ්න කියලා වදයක් වෙන්නේ? මන් මගේ හිතේ තියෙන ප්‍රශ්න එයාලට කිව්වොත් එයාලා මන් ගැන ගොඩක් වද වෙනවා කියලා මන් දන්නවා. මට මේ ජීවිතේ තෝරගන්න ඉඩ දුන්න එක ගැනත් ඔම්මයි අප්පයි පසු තැවේවි.

Just One Word || KKJ [Completed] Kde Åžijí příběhy. Začni objevovat