Author Note 💚

73 11 89
                                    

හරි.. ඔන්න එහෙනම් Just One Word ඉවරයි. මන් කතාවෙන් කියන්න හදපු දේ තේරුණා ද මන්දා ඉතින්.

මේකයි, මන් මුලදි ම කිව්වනේ මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන්නේ කියලා. ඇත්තටම ක්‍යු ඔප්පට මේ ළඟදී නේවර් නව් ලන්ච් ඇටෑක් ප්‍රෝග්‍රෑම් එකේදි SS501 බැලූන් කලර් එක වැරදුනා. ඔප්පා මොකක් කියන්න ගිහින් ද ඒක වැරදුනේ කියලා මන් දන්නේ නෑ, ඒත් එයාලා එදා දවස ම කතා කළේ SS501 මතකයන් ගැන තමයි. එදා ඔප්පට ඒක වැරදුන එකට විහිළු විදිහට ගොඩක් අය එක එක විදිහේ පෝස්ට්ස් ශෙයා කරලා තිබ්බා, ගොඩක් ම ට්විටර්වල. කතාවේ තිබ්බා වගේ ම අර SS301 ලයිව් එකත් ශෙයා වෙලා තිබ්බා ගොඩක්.

මන් දන්නේ නෑ ඇයි කියන්න, ඒත් ඒ පෝස්ට්ස් දැක්කම මට ගොඩාක් දුක හිතුනා. මන් කල්පනා කළේ මට ෆෑන් කෙනෙක් විදිහට ඒ තරම් ඒක දැනුනා නම් ඔප්පට ඒක කොයි විදිහට දැනෙනවා ඇති ද කියලා. අන්න ඒ සිතුවිලි තමයි මන් Just One Word විදිහට අකුරු කළේ. පබ්ලිශ් කරනවට වඩා මන් මේක ලිව්වේ මට දැනුන දුක නැති කරගන්න. මේක මන් ඔප්පා වුණා නම් මට ඒක කොහොම දැනේවි ද කියලා හිතලා ලියපු කතාවක් විතරයි. ඒකෙන් කියවෙන්නේ නෑ ඇත්තටම ඔප්පට මේ විදිහට දැනුනා, ඔප්පා මේ විදිහට දුකෙන් හිටියා කියලා. සමහරවිට ඔප්පට ඒ සිදුවීම ගාණක් වුණේවත් නැතුව ඇති.

ඉතින් මට කියන්න ඕනේ වුණේ මේකයි..
ඇයි අපිට අයිඩල්ස්ලා එක්ක ගනුදෙනු කරද්දි අපි කියන කරන දේවල් ගැන පරිස්සම් වෙන්න බැරි? ඒ ගැන දෙපාරක් හිතන්න බැරි?
අයිඩල්ස්ලා කියන්නෙත් මිනිස්සු. එයාලටත් හැඟීම් දැනීම් තියෙනවා. එයාලගෙත් හිත් රිදෙනවා. වෙනසකට තියෙන්නේ එයාලා පුරුදු වෙලා හැඟීම් පාලනය කරගන්න, නැත්නම් බොරුවට හරි ඒ වගේ පෙන්නන්න. එයාලා කැමරාවක් ඉස්සරහ හිනා වෙලා හිටියට ඊට පිටිපස්සෙන් කොයි තරම් අඬනවා ද කියලා අපි දන්නේ නෑ නේද? බොරුවට ' idols crying moments ' වගේ වීඩියෝස් බල බල ' අනේ ඔප්පා පව්.. මට ගොඩක් දුකයි ' වගේ දේවල් කිය කියා වැළලෙනවා වෙනුවට ඇයි අපිට බැරි එයාලාත් මිනිස්සු කියන දේ පිළිගන්න? එයාලා සෝශල් මීඩියා අප්ඩේට් කළා ම එයාලට ශක්තියක් වෙන විදිහේ කමෙන්ට් එකක් දාන්න? ඒ වගේ චූටි දේකින් සමහරවිට අපිට පුළුවන් එයාලට ගොඩක් ලොකු සතුටක් ලබා දෙන්න. අපි අයිඩල්ස්ලට ආදරේ කරලා සතුටක් බලාපොරොත්තු වෙනවා වගේ ම එයාලත් ෆෑන්ස්ලගෙන් සතුටක් බලාපොරොත්තු වෙනවා. ඒ සතුට වෙනුවට හැමවෙලේ ම අපි කරන්නේ එයාලගෙන් වුණ මොකක්හරි අඩුවක් ගැන කතා කරන එක නම්, එයාලව එයාලගේ ෂෙඩියුල්ස් අතරේ තවත් force කරන එක නම් ඒකෙන් වෙන්නේ අයිඩල්ස්ලා ෆෑන්ස්ලා ගැනත් කලකිරෙන එක.

මන් මේ කතාව ලියන අතරේ තමයි අර ආමි ෆෑන්ඩම් එකේ ජීකුක් ටේකුක් ප්‍රශ්නයක් වුණේ. මන් එතකොටත් කල්පනා කළේ ඇයි එයාලට තේරුම් ගන්න බැරි එයාලා දාන දේවල් ජිමින් දකිනවා ඇති කියලා. අයිඩල් කෙනෙක් ලයික් කමෙන්ට් නො කළට ඒකෙන් කියවෙන්නේ නෑනේ එයාලා ඒවා දකින්නේ නෑ කියන එක. ඒ සිද්ධිය දැනගෙන මන් කොයි තරම් අවුල් වුණා ද කියලා මන් ළඟින් ඉන්න සමහර අය නම් දන්නවා.

මන් කියන්න හදපු දේ ඔයාලට දැනුන ද? ඇත්තටම මන් සාර්ථක ද? ඒක තීරණය කරන එක කතාව කියවපු ඔයාලට බාරයි.

මේ කතාව සම්බන්ධයෙන් මට තියෙන සතුටු ම දේ තමයි මන් imagine කරලා ලියපු දේවල් ගොඩක් අන්තිමට ඇත්තටම සිද්ධ වුණා. මන් ලියපු දේවල් එකින් එක ඇත්ත වෙද්දි අම්මෝ මන් සතුටු වුණ තරමක්. සතුටටත් වඩා මායි මගේ යාළුවයි පුදුම වුණ විදිහ. ඒ ගැන කියන්න වචන නෑ ඉතින්.

අවසාන වශයෙන් ස්තුති කරන්න ඕනේ කීප දෙනෙක් ඉන්නවා.
මුලින් ම මගේ හොඳම යාළුවා Saraa_1004 ට. කුමාවෝ මන් ලියන ලියන චැප්ටර් එක ඔයාට එවද්දි (බොරුවට හෝ ඇත්තට) ඒක ලස්සනයි කිය කියා මාව කතාව ඉවර වෙනකන් ම ලියන්න පෙළඹෙව්වට. අඩු පාඩු නම් කිව්වේ නැද්ද කොහෙද ඒ මනුස්සයා. කොහොමත් කවදාවත් කියන්නේ නෑනේ 😒 අා.. නම දාන්න, කවර් එක හදන්න දුන්න අයිඩියාවලටත් කුමාවෝ 💚

ඊළඟට මගේ crime partner and මගේ twinie Kim_Jong_El ට. මේකට මන් එයාගෙන් උදවු ගත්තෙම නැති තරම්. ඒත් අන්තිම චැප්ටර් එක ලියද්දි මන් එයාගෙන් දෙයක් ගැන අදහස් ඇහුවා. එයා කියපු දේවල්වලින් තමයි මන් මගේ හිතේ තිබ්බ අදහස් පිළිවෙළක් කරගෙන ලිව්වේ. ජොංමල් කුමාවෝ හලෝ 💚

JiHyun_95 අක්කා, මට සමහර ෆෑන්ඩම් දේවල් ගැන විස්තර හරියට ම හොයලා බලලා කිව්වට අක්කටත් කුමාවොයෝ 💚

කතාවට vote කරපු, කමෙන්ට් කරපු හැමෝටමත්, නිහඬව හරි කතාව කියවපු හැමෝටමත් චින්චා කුමාවොයෝ. ඇත්තටම ඒ කමෙන්ට්ස්, ලයික්ස්, වීව්ස් නිසා මන් ගොඩක් සතුටු වුණා.

මට අමතක වුණ අය කවුරුත් නෑ මන් හිතන්නේ. බැරි වෙලා හරි කාවහරි අමතක වෙලා නම් මට සමාවෙන්න. මට වචනෙකින් නෙමේ emoji එකකින් හරි උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ThanKYU 💚

එහෙනම් මන් මෙතනින් නවතින්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. සරන්ග්හේ ❤️✨

Happy Belated Triple S Anniversary 💐💚💐

🎄🎁 Merry Christmas 🎁🎄




~ Sithmi Himansa ~

Just One Word || KKJ [Completed] Where stories live. Discover now