EPISODE 01

913 114 41
                                    

ලොකුවට කතා කරාට මං ඉන්නෙත් මංචිගෙ කාමරේ බෝඩ් වෙලා.. මංචි කියන්නෙ මංචි සුපර් ක්‍රීම් කැකර් එහෙම නෙවෙයි  හාද ?  තව ටිකක් කිව්වොත් එහෙම මේක මංචිගෙ ගෙදර .....මං සංචි..ආදරේට තමයි මට එහෙම කියන්නේ..මගෙ  නම කිව්වොත් එහෙම සරමක් ඇදලා අත් දිග ශර්ට් එකකට ටයි එකක් දාලා වගේ..ඒ තරම් ගැලපෙනවා ඉතින්..

මංචිගෙ ඔම්මා හෙවත් බෝඩිමේ ඇන්ටි තමයි මේ ලෝකෙ ඉන්න හොදම බෝඩින් ඇන්ටි...ඒ තරමට අපි දිහා ඇහැ ගහගෙන ඉන්නේ..

" මංචියෝ..නැගිටපන් වදේ.. clz යන්නත් ලේට් වෙනවා ."

උදේ හයහමාර වෙලත් මගේ අතිජාත  මිත්‍රප්‍රාණියා තාම තලපතා පොලවෙ ගහල වගේ නිදි  මොකද්ද එකට එළිය වැටෙනකම්ම. මේකි එක්ක හිටියොත් මට වෙන්නෙ exam හීතිකාවෙන්ම හොම්බෙන් යන්න.

එච්චරටම කම්මැලි මේකි.  මං ඉතින් මේකිට වඩා සුට්ටක් හොදයි .

" ඇයි බං පාන්දරම මාව කන්න හදන්නේ.. 8.00  නෑ clz .7.00 ට නැගිට්ටම ඇතිනෙ. කරන යෝගෙයක් තනියෙම කරගනින්නෝ  උබ.."

" අපොයි උදේ පාන්දරම බෙලෙක් වත්තට බොරලු ටිකක් දැම්ම වගේ..මාත් අවුස්ස ගත්තනෙ ඉතින් මේ ටිංකිරි voice කට උදේම.."

කොච්චර කිව්වත් මේකි තේරුම් ගන්නෙම නෑනේ.. මං කරන්නෙ යෝගද , ප්‍රයෝගද කියන්න මං දන්නෙත් නෑ ඉතින්.අපේ හරබොජි උදේට කරපු එක්සයිස් මාත් කොල්ලකාගෙන දැන් වැඩ්ඩා වගේ කරනවා.ඇගත් ෆිට් ඉතින්. ඕන ගේමකට අතින් පයින් රෙඩී.

එතකොටම මංචියා භාගෙට ඇසුත් ඇරගෙනම බාත් රූම් එක පැත්තට කොයි කොන පද්දනවා.. තව ටිකක් එහාමෙහා  වුණානම් එහෙම මට මේකිට මූණක් ගේන්න වෙන්නෙ සෙම්බුවත්තෙන් නෙවෙයි පංචිකාවත්තෙන්..

අයියෝ සංසාරේ දෙයියෝ සාලෙ..

" සංචියෝ මගෙ ටවල් එක ගෙනත් දියන්කෝ..."

හැමදාම බාත් රූම් එකට ටවල් එක ගෙනිහින් දෙන එක දැන් මට පුරුද්දක් වෙලා.. නෑ නෑ මේකි මාව ඒකට පුරුදු කරලා.ඇයි මං ඔටුවනේ.. මේකිට මාංචි ගෑවට මේකිගෙ නම ලී මීජින් .. ලී කිව්වට ඉතින් ඕකි පරාලත් එක්කම...
ලී කියන්නෙ ඒකිගෙ සර්නේම් එක..අර බල්ලොන්ට කොච්චර පොශ් නම් දැම්මත් වැඩක් නෑ අන්තිමට වටෙන් බල්ලට කාඩ් එකක් වදින්නෙ බණ්ඩගෙ බල්ලා , සුමනගෙ බල්ලා , රොසලින්ගෙ බල්ලා වගේ මේකිටත්  කොයි නම තිබ්බත් මං කියන්නෙ මංචි..ඉන ගාවට බේරෙන කොණ්ඩෙ.දිලිසෙන අහිංසක බෝල ඇස් ඒකිට තවත් ලස්සනයි ..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now