EPISODE 03

265 91 25
                                    

මොනවා නැතත් අප්පා අතේ වියදමට Account එකට බින්දු කීයක් හරි දානවනේ..ඒවගෙ අගේ දැනෙන්නෙ මේ වෙලාවට තමයි ඉතින්..
යතුරත් කරක කරක park එකට ගිය මට ඇහුනෙ කුලප්පු වෙච්ච මීහරකෙක්ගෙ වගේ voice එකක්..
ළගට කිට්ටු වුණාමයි මට වෙලා තියෙන දේ මීටර් වුණේ ..අර ජිප් එකෙන් ඇවිත් ඉන්නෙ kim පැටියා නෙවෙයි කියාල්ලකෝ .. උස ටයි කෝට් දාපු වැදගත් මැරයෙක් වගේ..

මං කෝකටත් අහිංසක පූස් පැටියෙක් වගේ bike එක ළගට එන්ටර් වුණා.

" ඕයි දැනගන්නවා.. මං kim namjoon .. මුලු කොරියාව ම දන්න kim group වල දෙවනි පුතා.. මගෙ වාහනේ හුලං අරිනකං තමුසෙ පොල් කැඩුවද මිනිහෝ ..."

අම්මෝ ඒ ටකරං voice එක තව ටිකක් high pich වුණානම් එහෙම වාහනේ ශටර්ස් එහෙම සම්බෝල වෙනවා. ඒ තරම් කනකට නෑහෙන්න තමයි එයා කතා කරේ..

මං ශීට් එක අරින ගමන් සයිඩ් කණ්නාඩියෙන් ලාවට වගේ දර්ශනය රසවින්දා.මොකද ඉතින් අපිත් හරී ආසයිනේ අලි , වලි , බලි කෙලි බලන්න.. කරන්න දෙයක් නෑ රත්තරනේ ... අයියගෙ පනිශ්මන්ට් එක තමයි මල්ලිට වැදුනේ..

" මේ මිස් "

අර සිකුරුට්ටා ගෙ voice එක කන් බෙරේට වදිනකොට මොකද්ද එකක් යන්තම් ඇග සිසාරා ගියා..බයක්නම් නෙවෙයි පුතේ ...

" ඇයි "

" මිස් මේ සර්ගෙ ජීප් එකේ කවුදෝ හුලං ඇරලා..මිස් එද්දි එහෙම කවුරුත් දැක්කද ? "

අනේ අනිච්චං වෙලේ පඩික්කං කිව්වලු.. හුලං ඇරපු එකාගෙන්ම අහනවනේ හුලං ඇරිය එකා දැක්කද කියලා ..කොහෙන් හිනා වෙන්නද මං..හුලං ගිහින් තියෙන්නෙ වාහනේ නෙවෙයි වාහනේ අයිතිකාරයගෙ..

" නෑ uncle  . අපිත් හදිස්සියෙන් ආවෙ..දැක්කෙනම් නෑ..
මේ පර්ස් එක දාලා ඇවිත්.. late වුණා  uncle .. ගිහින් එන්නම්..

School  ගිය කාරෙ සෞන්දර්ය වලට drama කරපු එකේ අතුරු ප්‍රතිඵල තමයි ඉතින් මේ.. ආ .. තව අප්පගෙ ජානත් ඒන්නැති.. මං ආයෙ shop එකට යනකොට මංචියා තැලිච්ච වට්ටක්කෙයක් වගේ මූණත් හදාගෙන ඉන්නවා...

" අනේ සංචි . මේ ගවුම අත් කපලා වැඩී.. මට එපා.."

මට කුවේණි ආවේශ වෙන්න මහ වෙලාවක් ගියෙ නෑ ඉතින්.. ඇයි යකෝ මං අර සීගිරි ගල් තරණය කරලා හදටත් එහා , මිරිගුව කලබා තුරගෙකුගෙ වේගයෙන් බඩගාලා අරන් දුන්න ගවුම දැන් මේකිට එපාලු..තව ටිකෙන් හොබ්බයි කටයි බොම්බයි මොටයි වෙලා මාසයක් කාමරෙන් එලියට බහින්න බැරි  වෙන්න වැඩේ සෙට් වෙනවා.  කොහෙද ඉතින් මේකිට ඕවා හිතන්න ඔලුවක් තිබ්බට ඒක අස්සෙ මොලයක් නැති එකනෙ වැරැද්ද.. ඒවා ඉතින් අපි කිව්වට බෑ. ඔව්ව්ව්.. ඕවා පතාගෙන ආපු පූරුවෙ කරුම ..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now