EPISODE 13

225 80 22
                                    


එක පාරටම දොර ඇරන් ඇතුලට ආවෙ සුගා ..
තට්ටු නොකර සුගා කවදාවත් ඇතුලට එන්නෙ නෑ..මොකකහරි හදිස්සියක් නිසා තමයි සුග මෙහෙම කඩාගෙන බිදගෙන ඇතුලට ආවෙ..මම ජින්ගෙ උකුලෙන් නැගිටල යන්නයි හැදුවෙ ..ඒත් ජින් මට නැගිටින්න දෙන්නෙ නැතුව දිගටම මගෙ ඔලුව අත ගෑවා..සුගා හැරිලා යන්නයි හැදුවෙ.. මෙහෙම දැක්කාම ඒ මනුස්සය මොනව හිතුවද දන්නෑ.

" සුගා මොකද්ද ප්‍රශ්නෙ.."

" ජින් අපේ තැනට කවුදෝ ගහලා බඩු ඔක්කොම ගිනි තියලා.." සුගා එහෙම කියද්දින් මටත්  බයක් ඇති නොවුණම නෙවෙයි ..ජින් ලොකු හුස්මක් ගන්නව මට ඇහුනා..

" මං පහලට එන්නම්.."
වෙන කිසිම දෙයක් නොකියපු ජින් ඒ ටික විතරක් කියලා ආයෙ මගෙ ඔලුව අත ගාන්න පටන් ගත්තා ..
ඊලගට මොනව වෙයිද ? මේව හිතද්දි ඇත්තටම් මට දැනුනෙ ලොකු බයක්..නොදැනීම් කදුලු බිංදු ටිකක් ගිහින් ජින් ගෙ උකුලට වැටෙන්නැති..

"අඩනවද ඔයා.." ජින් ඇහුවෙ මගෙ කනට පහත් වෙලා..ඉකියකුත් එක්කම මට ඇඩුනා..

" හැමදේම හරියයි.." මගෙ මූණට එබිල කියපු ජින් නැගිටල යන්න ගියා..

" සංචි ඔයා ජින්ට..?? මං ඇස් පියා ගත්තා..ජින්ගෙ කාර් එකට attack  වෙලා කියල ඇහුන වෙලේ ඉදන් මං හිටියෙ හීනෙන් වගේ.. තාමත් එහෙමයි.ඒත් මං මේ හීනෙට ආදරෙයි.කොයි වෙලේ ඒ හීනෙන් ඇහැරුනත් මං ඒ හීනෙ රැක ගන්නෝනෙ..එහෙම හිතපු මං නැගිටල පහලට ගියා..මං යද්දි  ජින් හිටියෙ සෝෆා එකේ වාඩි වෙලා..සාලෙම හිටියෙ ජින්ගෙ සෙට් එක..කියන්න සතුටුයි.. එතන හිටිය එකම කෙල්ල මම..ජින් එයාගෙ වැඩ වලට ඇගිලි ගහන්න එපා කියලා කියපු කතාව මතක් වෙලා මං හැදුවෙ ආපහු හැරිලා කාමරේට යන්න..

" සංචි වාඩි වෙනවා ඇවිත්.."

ජින්ගෙ සැර කටහඩට මං ඉබේම වගේ ඇවිත් වාඩි වුණා..වටේ හිටපු ඔක්කොගෙම ඇස් තිබුණෙ මං ගාව..

"මං කිව්ව හැම දේම ඒ විදිහටම වෙන්නෝන..ඒ වගේම  තමයි හෙට උදේම සුගා ජූන්වයි , සංචිවයි පාන්දර flight  එකේ ඇමරිකා අරන් යන්නෝනෙ..එහෙදි ජූන්ට ට්‍රීට්මන්ට් ටික ආයෙ මුල ඉදන් පටන් ගන්න පුලුවන්..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now