EPISODE 11

226 89 30
                                    

මං හිමින් ජින් ඉන්න තැනට කිට්ටු කරා..එකපාරටම මතන්ට කඩන් පැනපු මං දිහා ජින් බැලුවෙ ගෙවල් බිදින හොරෙක් දිහා බලනව වගේ..අනේ අම්මප මට එහෙම ලුක් එකකුත් තියේද ?

චණ්ඩිය වගේ ආවට මං මෙතන මක් කරන්නද  ?  අනේ සුදූ බොන්නෙපා කියන්නද ? මත් වෙච්චි ඇස් හීං කරල මං දිහා බැලුවෙ මෙතනින් පලයං කියන්න වගේ...

" මොනාද අනේ තනියෙන් බොන්නෙ..? " මං ඇහුවෙ ජින් ඉස්සරහි ගිහින් ඉදගන්න ගමන්..මේසෙ උඩ තිබ්බ සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් ගත්තා..

"'ආව්.. කවද ඉදන්ද ඉතින් මේකක් බොන්න හීන මැව්වෙ.." ජින්ගෙ කටේ තිබ්බ සිගරට් එකෙන්ම මං මගේ සිගරට් එකත් පත්තු කර ගත්තා ..පණ්ඩිතයා වගේ අතට ගත්තට මං දැං මේක කටේ ගහන්නත් ඕනෙනෙ..ජින් මං දිහා බලන් ඉන්නෙ ඇස් දෙකත් නලලෙ තියන්. තව පාරක් නොහිතම මං සිගරට් එක කටට දා ගත්තා.. එක හුස්මයි ගත්තෙ ..
දුම් බටේ කෑව වගේ..බඩවැල් කඩාගෙන එන්න වගේ ලොකු කැස්සක් ආවා.. බඩවැල් left ...අමෝ අමෝ ඇස් වලින් කදුලු පේලි ගලන් යනවා.. පපුවත් රිදෙනව ..
ඒත් මං සැලෙනවද නෑනේ ඉතින් මං ජින්ගෙ අතේ තිබ්බ බෝතලෙත් කටේ ගහ ගත්තා..දැන්නම් සිරියමෙ සාරා වගේ...

මොන පිස්සුද ?  වීදුරුවක් බිව්වට මත් වෙනවද ?

එක වසන්ත මල්ලිගෙ ඩෙංකුටු තාලෙට අපිගාව  ඉන්නව සුපිරිම ගායක ලාවට ගහල ආවෙ මං අඩියක් අවුරුද්දට පෙරනව මම වඩියක් 
මොකත  කියන්නෙ අලුත් බඩු ඕනෙනම් අමතන්න ඔබේ ළගම ඇති බාර් එකට..
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි ..
රැදී සිටියාට ගුටි  💥💥💥
දැන් නැවතත් සුපුරුදු වැඩසටහන ..

ආව් .... මට දැනුනෙ මං පුටුවෙන් පාවෙනව වගේ හැගීමක්.. පාවෙලා වලාකුලේ... ඉතුරු ටික ඕනෙ නෑ ඉතින්...කම්මුල පුපුරු ගහනව වගේ.. ආයෙ අහන්න දෙයක්ද ඉතින් කෙලලා ඇරලා.. සරලයි සුන්දරයි .. ඌ නෙලනවා.. මං කනවා...හැරිල බැලුවමයි දැක්කෙ මං දිහා බලන් ඉන්න ඒ කේන්තියෙන් පිරුණ ඇස් දෙක..ඉන්නවා හෝතඹුවා කරන්න හොද වැඩක්.. මං මගේ යුද උපකරණ ටික අමෝරාගෙන ( සැ. යු .. නියපොතු ) පැන්නා ජින්ගෙ ඇගට.  පැනලා හීරුවා මූණෙ ඉදන් බෙල්ලටම.. පොඩි එකෙක්ව ඇදලා ගන්නවා වගේ ඇදලා අරන් මගෙ මූණ ගත්තෙ එයාගෙ අත්දෙකට..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now