EPISODE 02

326 99 10
                                    

එදා දවසම ඉතින් මං බට්ටා ඔරලෝසුවෙ බට්ටා ගිලපු හූනා වගේ දෙපැත්තට වැනි වැනි හිටියා ...

ඒකට අපේ මැටි මංචියා..
දකුණු අත ඉන්දියාවෙන් දාලා වම් අත අප්‍රිකාව දිහයින් තියලා කට කපල බුදි..මේකි හරියට නිදා ගන්නෙ නිකං ඊයෙ රෑ Night duty  කරා වගේනේ..
අම්මෝ නිදිමත වහා බෝ වෙන සුලු නිසා මං ටාර් ගාලා ඇදෙන් පැනලා බැල්කනි එක ගාවට ගියා..
මෙතන තමයි මං මුලු ගෙදරිම්ම ආසම තැන. පෙරේදා පිපිණ තඩි රෝස මල මට හිනා වෙනවා වගේ..ඔව් ඉතින් බැල්කනිය වටේම තියෙන පෝච්චිවල තියෙන්නෙ මේ සංචිගෙ සියුමැලි දෑතින් හිටෝපු මල් තමයි ..

හරබොජි නම් මාව නිතර මතක් කරනවා ඇති..මොකද ඉතින් මංනේ එයාට ඉන්න එකම මිණිබිරී පොඩ්ඩ..ලබන සතියෙවත් යන්නෝනෙ ඒ පැත්තේ..ඒ ගමන්ම ඔම්මගෙ සොහොනටත් යන්නෝනෙ..කාර්‍යබහුල මිනිස්සු ඉන්න ටවුමක මෙහෙම තට්ට තනියම ඉන්නවා කියන්නෙ වහ ටිකක් කාලා වමනෙ දානවා වගේ වැඩක්..එවෙලෙටනම් හිතෙනවා ටවුමෙ හුලං අල්ලලා බැලුමකට දාලා ගමේ යන්න.හරබොජි ලගට..එහෙ ගියත් ඔව් ඉතින් තිත් පේලියක් තමයි ..

ලෝක යුද්ධ ඇවිලේවි.අවි ආයුධ ආනයනය කරාවි..ඇදිරි නීත් දාවි..සාම ගිවිසුම් ගහාවි.ඒත් ලොකු නැන්දා නම් කට වහ ගන්නෙ නෑ සත්තයි..

එච්චරට හොදයි ඉතින්..

වෙද පරම්පරා ගාණක අවසාන මිනිබිරි වෙච්ච මට මේ ටවුන් වල දගලලා මොනවා කරන්නද ?
ගමේ ගිහින් බේතක් හේතක් හොයන් ඉන්නෙ නැතුව කවදාවත් ශේශ නොවෙන සමාගම් ගණන් වල ලාභ හොයනවා..

ජං සේජින් නැත්තම් සංචි .. රටක් අදුරන අප්පෙක්ගෙ කවුරුත්ම නොදන්න එකම දුව  මං.. හිතද්දිත් මාර ගැම්මක් එන්නෙ මට..වෙලාවට මෙහෙ රත්තරන් ටිකට Tv එකක් තිබුනෙ .. නැත්තම් එහෙම අප්පව දැකලත් ආලෝක වර්ෂ ගාණක් ගෙවිලා මෙලහකටත් ..

මං එහෙම්මම ගස් අස්සෙන් වාඩිවුණා..බිස්නස් පොතේ පිටු පෙරලුවෙ ඊයෙ පාඩම් කරලා නවත්තපු තැන ගැන මෙලෝ සංසාරෙක මතකයක් මේ මොලේ අස්සෙ සේව් වෙලා තිබුණෙ නැති හින්දා.. එච්චරටම සුපිරි මතකයක් මට තිබුණා.ඉතින් කොහොමද කියාල්ලකෝ ආඩවනේ කඩවුලේ මං exam  එක ගොඩ දාගන්නේ..පලතුරු වට්ටියක්වත් කන්න වෙනවා..
දවල්ට කාලා මායි සංචියි පොඩි චැට් එකක් දාන් ඉද්දි තමයි එහා ගෙදර රාහුවා මංචිට mis cll ගහන්න ගත්තේ.. මුගෙන් නම් තියෙන්නෙ එසේ මෙසේ වදයක් නෙවෙයි ..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now