EPISODE 12

219 87 16
                                    

ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි මගෙ අප්පා..අපි හම්බුන අන්තිම දවසෙ කිව්ව හැමදේම මට මතක් වුණා ..
එතකොට අප්පත්  මේවට සම්බන්දයිද ?  මං එහෙම්ම කාමරේට ගියා..ඕවර් කෝට් එකක් ගලවල ඇදට විසි කරලා මං Barthroom එකට ගිහින් නාන ගමන් මේ වෙච්ච හැම දෙයක් ගැනම කල්පනා කරා..
ඒ කියන්නෙ ජින් කරපු හැම ජරා බිස්නස් එකක්ම එයා නතර කරා.. ඒත් අප්පා හදන්නෙ ඒව පටන් ගන්න අනුබල දෙන්නද ? ඒත් මගෙ අප්පා රටම දන්න ප්‍රසිද්ධ නලුවෙක්නේ..ඉතින් කොහොමද එයා මේවට සම්බන්ද වෙන්නෙ..
මූණ සෝදන් මං කාමරේට ගියා..

ආව්...
එකපාරටම වැදුන හයේ පාරට මට හත්දින්නත් තරු ඔක්කොම එකපාර පේන්න පටන් ගත්තා..වෙන කාගෙද ඉතින් power  එක.. ඔව් ඔව් දිගංචියා තමයි ..ඒ අත් වලින් මාව ඇදලා අරන් බිත්තියට තියලා හිර කර ගත්තා ..ලාවට වැටිච්ච එලියෙන මං හොදටම දැක්කා ඒ ඇස් වල තියෙන කේන්තිය..

" මොනවද තමුසෙ පහල කරේ.."

හුස්ම ගන්නවත් ඉඩක් නොතියා ජින් මගෙ කට දෙපැත්තෙන් තද කරල අල්ල ගත්තා..

" මං නිකං ආවෙ සද්දෙ බලන්න .." ගොත ගගහ මං කිව්වෙ බොරුවක් නෙවෙයි ..

" ඉතින් එච්චරද ?  එහෙනම් මොකද දුවගෙන ආවෙ.. "

මේ යකා ඒකත් දැකලද ?

" හිතුනා . ඉතින් ආවා.."

"මම කැමති නෑ මගෙ වැඩවලට කවුරුත් ඇගිලි ගහනවට , හොරෙන් අහන් ඉන්නවට  තේරුණාද ?  ආයෙ එහෙම වෙන්න බෑ හරී.." එතකොටයි මට හුස්ම ටිකක් ගන්න පුලුවන් වුණේ..

" ජූන් එක්ක කතා කරන එක හොදයි .. ඒත් එයාගෙ කකුල් එක්ක මොනාද කරන්නෙ.." මෙයාට මොකටද ඒක. මං අහක බලා ගත්තා ..

" මොකද තමුසෙට උත්තර දෙන්න බෑ වගේද ?  මං දන්නවා තමුසෙව කතා කරවන විදිහ .. බොන්න දුන්නනං තමුසෙ ඔය ඔක්කොම තාර බර ඇරලා කියයි..එදා කොච්චරනම් කියෙව්වද ? " 

ලැජ්ජව ටැංකියෙන් එකයි.. ලැජ්ජාව වහගන්න අල කොලයක්වත් නැති හැටි..එයා තවත් මට ලං වුණා..

" ජූන්ව හොද කරගන්නත් ඕනෙ.. එහෙන් තමුසෙ විකාර කරනවා..මට පිස්සු හැදෙනව ඕයි.." බිත්තියටත් එකක් ගහගෙනම ජින් බැල්කනි එකට ගියා..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now