EPISODE 06

260 88 34
                                    

ඒත් එක්කම වගේ Bike වගේකින් පිරිමි ටිකක් මාව පාස් කරන් ගියත් මං හිටියෙ දැක්කෙ නෑ වගේ.
තප්පර දහයක් ගියෙ නෑ . උන් ආයෙ හරවගෙන ආවා.. දැන්නම් තත්වෙ බරපතලයි වගේ..මං දිගට දිගේ බිම ද අතුගාන ගවුමත් උස්සන් සැරසේන් එලවේන් යා කියලා හැටට හැටේ රණ දෙරණ දෙන්න හැදුවෙ..

ඒත් ඊට කලින් අර කලු පාට ජීප් එක මං ඉස්සරහින් නවත්තද්දින් ඒක ඇතුලෙ හිටියෙ jin විතරයි .
Jin ව දැක්කා විතරයි අරුන් ටික හරවන් ගියත් මේ අලිඔලු සංචියා දිගටම ඇවිදගෙන ගියෙ එයා කතා කරන එක ඇහෙන්නෙ නෑ වගේ..
මගේම වෙලාවට මොකද්ද එක ටැංකියෙන් එකයි වගේ එවෙලෙම phone එකත් off..නතරකරලා තිබ්බ වැස්ස ආයෙත් වහින්න දගලකොට මට කියන්න ඉතුරු වෙලා තිබුනෙ මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ ...පමා වෙලා වැහැපන් වැහි වලාවේ කියලා විතරයි .. ඒත් ඉතින් හොදම යාලුව වෙච්චි මංචි කියන දේ නාහනකොට මේ මෙලෝ හසරක් නොදන්න වැහි වලාකුල මං කියන එක අහයිද ඉතින්...
තෙමි තෙමීම ඔහේ ඉස්සරහට ගියෙ දිය වෙලාවත් ඉවරයක් වෙලායයිනෙ කියලා හිතලා..
හිතේ තත්වෙනම් බරපතලයි .. ඔන්න මෙන්න කොයි වෙලේද දන්නෙ නෑ. මගෙ හිතේ ඇදුනෙම මංචියගෙ මූණ..හරියට නිකං අවුරුදු 5  love  කරලා බූට් එකක් කෑවා වගේ feeling  එකක් දැනුනේ.. වැහි වතුරට මං ඇදන් හිටිය ඇදුම ඇගටම ඇලිලා ගිහින්..
පුදුම විදිහට මං අසරණ වෙලා කියලයි මට දැනුනේ..
මංචි උබ මාව බොරුකාරයෙක් කරා..ඔව් මං බොරුකාරයෙක් ..

තව අඩියක් ඉස්සරහට තියන්න යනකොටම තමයි ආයෙ අර කලු පාට ජීප් එක මං ඉස්සරහ නතර කරේ..දොරත් ඇරන් අඩියට දෙකට මං ගාවට ආපු jin අල්ලගත්තෙ මගෙ වැලමිටෙන්..

" මට ගෑණු පස්සෙන් ගිහින් පුරුදු නෑ.. මගෙ අත ඉස්සෙන්න  කලින් ගිහින් නැගපන් ජීප් එකට.."

ඒ ඇස් මට කියවගන්න බැරි තරමට සංකීර්ණ වෙලා..ඒ මදිවට මං හින්දා එයත් තෙමිලා..
ඒත් මං ඔහේ බලන් හිටිය එයා දිහාම..
" ඔහ්..ශිට්.."
හිතින් මට දෙහි  අතු ගනන් කප කප මාව ඇදන් ගිහින් ජීප් එක ඇතුලට දැම්මා..වැස්සට තෙමිච්ච හින්දා මට දැනුනෙ පුදුම සීතලක් .. ඒ මදිවට තෙමිලා ඇගටම ඇලිලා තියෙන ඇදුම නිසා මට දැනෙන්නෙ තවත් අපහසුවක්...
අත් දෙකත් එකට එකතු කරන් මං හිටියෙ එහාට මෙහාට වෙලා වයර් කෑලි ශෝට් වෙච්චි මොලේ හරි ට්‍රැක් එකට ගන්න ගමන්..jin නම් ශටර් එකෙන් එලියෙ පේන වැස්ස දිහා බලන් ඉන්නවා..
සීතල් හින්දද නැත්තම් හිතේ ඇවිලෙන් ගින්දර හින්දද මංදා මට හුස්මක් වැටුනෙ හරි සද්දෙට..මගෙ සද්දෙට මං දිහා බලපු  jin එයාගෙ කෝට් එක ගලවලා මට දික් කරලා ඒ නපුරු ඇස් වලින් කිව්වෙ ඒක ගන්න කියලා ..මාත් ඇස් වලිම්ම tnx කරලා ඒ කෝට් එක අරන් බාගෙට ඇදගත්තා..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now