EPISODE 07

238 90 16
                                    

මං බැලුවෙ ජීප් එක දිහා.. ඔව් ඒ ඇසුත් එවෙලෙම මං දිහා බැලුවා.

jin...  Kim seok jin  ඔව්..  මං එයාට ගොඩක් ආදරෙයි..
මගේ වචන දෙක තුනට අහසෙ පාවි පාවි හිටපු  හුලං ගෙම්බා සාර්ථකව පොලවට ගොඩ බෑවා..
හිතා ගන්න බෑ නේද ?  ඔයා හිතන් හිටිය වගේ සීනි පොල්කොහු කෙල්ලෙක් නෙවෙයි මම..

මට හොදටම ශුවර් මං කියපුවා jin ට ඇහුනෙ නෑ කියන්න.. ඇහුනනම් එහෙම එයි මෙතන රෙදි කරේ තියන් ..ඒත් අපි හතර දෙනාම බැලුවෙ එයා දිහා . අපේ වෙලාවටමද මංදා එයා හිටියෙ cll එකක..

Tae තව මොනවහරි කියන්න කලින් ඒ මැද්දට joon පැනලා එයාවත් ඇදගෙන ගිහුන් වාහනේට නැග්ගා..

ගෙදර ගිහින් කාලා බීලා ශපාන් එකේ පාඩම්  කරලා ඇදට පැන්නෙ සිහින ලෝකෙක පා වෙන්න තරම් අද කරුණු කාරණ එකතු වෙලා තිබ්බ හින්දා ..
ලව් නම් නෙවෙයි ඔන්න.. අහිංසක නපුරු මට මොන ඉලව්ද ?

Tae ගෙදර ගිහින් මොන වන්නම නැටුවද දන්නෙ නෑ..නයිඅඩි වන්නමද , මණ්ඩුක වන්නමද දන්නෙත් නෑ..මංචියගෙන් අහන්නත් හිතයි..ඒත් ඉතින් අපිට මොකටද අනුන්ගෙ සපත්තු මේස්..
කාලෙකට පස්සෙ නසරාණි ගේමක් දුන්න හිංදද මංදා මට කට කපලා හිත පිරෙන්න නින්ද ගියා .
වෙලාවට එලිවෙන්න clz  තිබුනෙ නෑ.. නැත්තං ඉතින් උදේම කුකුලත් මල්ලෙ  දාන් පලයල්ලකො වියතෙ ඩෙස් එකේ තනි රකින්න.
2.30 clz එකට නාලා කාලා full freash එකේ යන්න කියලා ගෙයින් එලියට බැස්සට මොකද හිතුනෙම බැස්සෙ අපරාදෙ කියලා .. ස්කූටරේට දේවතාවා ගෙන් ගියත් ඉතින් යනකොට අපි දෙන්නා වෙන්න තියන  කරවල , උම්බලකඩ ඔක්කොම වෙලා ඉවරයි .පුදුමයි අද වේලසනින් ඇවිත් අපි.. කාඩ් මාක් කරන ටික්කත් නෑ තාම.
මංචියි මායි කෝප්පයක් හෝද හෝද ඉන්න අතරෙ ළමයිනුත් එකා දෙන්නා පන්තියට ආවා.
ඒත් එක්කම ඩෙස් පුටු පෙරලන් ගෝඨයිම්බර යෝදයා වගේ පන්තිය ඇතුලට ආවෙ jin..
කාඩ් මාක් කරන්න හිටපු කටුසු ටික්කයියා ඩබ්ල් ත්‍රිබල් වෙන්න බය වෙලා.
මායි මංචියයි මූණට මූණ බලා ගත්තෙ මුලු කොරියන් හෝඩියම නොදන්න ගාණට.
එතකොටම මං දිහා රවාගෙන බලන් හිටියෙ jin . ඒ ඇස් වල කිසිම තෙතමනයක් තිබුනෙ නෑ..

" තමුසෙ මෙහෙ එනවා යන්න "

" මොකද්ද  ? "

" තමුසෙට කොහොමත් මං කියන දේවල් ඇහෙන්නෙ නෑනේ.." එනවා යන්න..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now