EPISODE 14

224 89 16
                                    

මගෙ ඔලුව ඇයි මෙච්චර රිදෙන්නෙ.. හරියට නිකං ඔලුවට පොල්ලකින් සලකලා වගේ..නිදිමරගාතෙම ඇස් ඇරලා බැලුවා..

මේ මොකත මේ ඔක්කොම මාව වටකරගෙන.. නිකං සත්තු වත්තෙ ගැරඩි බලනවා වගේ..
මංචි හිටියෙ ඇදෙන වාඩි වෙලා.. ජින් , ජූන් , හොබී , සුගා ඒ ඔක්කොම මාව වටකරගෙන ..
අන්තිමේට වෙච්ච දේ ගැන මට මතකයක් ආවෙ විනාඩි 5 කට විතර පස්සෙ..

" නෑ මං මුකුත් කරේ නෑ.." මට නිකම්ම මිමිනුනා..

" ඔයාලා එලියට යන්න මං බලා ගන්නම්.." ජින් මං ලගට ඇවිත් වාඩි වුණාම ඔක්කොම එලියට ගියා..මං ශීට් එක තවත් උඩට පොරව ගත්තා..

" රෑ වෙච්චි කිසිම දෙයක් වුණේ නෑ කියලා හිතන්න.. හැමදේම අමතක කරලා දාන්න..මං ඉන්නවනේ..කිසිම දෙයක් කිසිම කෙනෙක්ට කියන්නෙපා..අඩුම මංචිටවත්..එයත් බය වෙයි.. "

" ඒත් ඔප්පා මං ඒ මනුස්සයව..."

" නෑ මගේ වෙඩි පාරෙන් ඌ මැරුනෙ.." එහෙම කියලා ජින් ලොකු හුස්මක් පිට කරා..

" වුණ දේ වුණා..ඒ ගැන හිතන්නෙපා. ඊට වඩා දේවල් ගැන හිතන්න තියෙනවා අපිට.." ජින් කිව්වෙ මොකද්ද කියලා මට තේරුම් ගියෙ නෑ..

" මංචි මොකුත් කිව්වද ? "

" නෑ.."

" ම්හ්.. " ජින් එහෙම කියලා  Phone එක  මගෙ පැත්තට දික් කරා..
දෙයියනේ .. මට සිහිවුණේ දෙයියො විතරයි..
මංචිටයි ජූන්ටයිත් අපිට වගේම හිට් වෙච්ච ගොසිප් එකක් හදලා..කොහොමද මේවා ?  හරියට කාලෙක ඉදන් කවුරුහරි අපිව follow  කරනවා වගේ..

" සංචි..එදා ඔයා වගේම මංචිත් දුක් වෙනවා සමහර විට ඊටත් වඩා.. මේ ටික දැක්කාම මංචිගෙ අප්පට heartattack  එකක් හැදිලා..දැන් ඉන්නෙ hospital  එකේ.ප්‍රශ්නෙ විසදගන්න ඕන නිසා තමයි මායි ජූනුයි ඊයෙ hospital  එකට ගියෙ මංචිව ගෙදර දාලා...මංචිගෙ ඔම්මටයි අප්පටයි හැමදේම පැහැදිලි කරා.. ටික දවසකින් uncle ව discharge  කරයි.. "

මටත් ඇති වුණේ දුකක් ඇන්ටියි , අංකලුයි ගැන..

" හැබැයි මේ ප්‍රශ්න ඉවර වෙනකංමං ඔයාවයි , මංචිවයි බලා ගන්නවා.. මේක කරන කෙනා ලගදිම මට හම්බෙයි..මංචි ගැන බලන්න.."
එයා යන්නයි හැදුවෙ.. මං ජින්ගෙ අතින් අල්ලලා නතර කරා..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now