3rd whale🐳

429 78 30
                                    

ක්ලාරා.. එක පාරටම ඇහුන කටහඩට ඔලුව උස්සලා බලද්දි ක්ලාරා දැක්කෙ ක්ලාරාගෙ අම්මා මෙලීනව..

අම්මා ඔයා??

ක්ලාරා දුවලා ගිහින් අම්මා බදාගත්තා..

අම්මා එන්නකෝ..

ක්ලාරා එයාගෙ අම්මව ඇදගෙන ගියේ ලියෝනා ඉදපු තැනට..

"අම්මා මේ ලියෝනා ඔන්නි.." මෙලීනව ඇදගෙන ලියෝනා ළඟට ගියපු ක්ලාරා කියද්දි ලියෝනා ක්ලාරගෙ අම්මා එක්ක හිනා උනේ "කොහොමද ආන්ටි?" කියලා අහන ගමන්..

"හොදයි දුව.. ඔයාට කොහොමද?? අම්මා ගෙදරද??"

"හොදයි ආන්ටි.. අම්මා අයියලගෙ ගෙදර යනවා කිව්වා ආන්ටී නෑණව බලන්න.. මාත් ගෙදර නැතුව එයාට පාලුයි.." ලියෝනගෙන් මෙලීනා අහද්දි ලියෝනා උත්තර දුන්නා..

"ඔයා ලිලීව බැලුවද?" ක්ලාරා දිහා බලලා අම්මා අහද්දි ක්ලාර ඔව් කියන්න ඔලුව වැනුවා..

"මට මාර්තා කෝල් කරා අත තුවාල වෙලා කියලා.. දැන් ගෙදර යමු.. තුවාලෙට හරියට බෙහෙත් දාන්න ඕනනෙ.." ක්ලාරට කියපු මෙලීනා "දරුවො මං ක්ලාරව ගෙදර එක්කගෙන යනවා එහෙනම්.." කිව්වෙ ලියෝනගෙ පැත්ත හැරිලා

"අම්මා තව ටි.." ක්ලාරා කතා කරගෙන ආවත් අම්මගෙන් ක්ලාරට ලැබුනු සීතල රැවිල්ලත් එක්කම ක්ලාරගෙ කට නැවතුනා..

"හරි අම්මා.. මං එන්නම්.."

ක්ලාරා ලියෝනගෙ පැත්තට හැරිලා "ඔන්නි මං අම්මා එක්ක ගෙදර යනවා.. අපි හෙට ඉතුරු ටික කතා කරමු.." කියද්දි ලියෝනා ක්ලාරගෙ අතින් අල්ලගෙන "ඕකේ.. ගෙදර ගිහින් රෙස්ට් කරන්න.." කිව්වෙ හිනා වෙලා..

නම්ජූන් ජන්ග්ගුග්ට කෝල් කරේ හදිස්සියෙම කැදවපු බෝඩ් මීටින් එකකක් නිසා කම්පැණි එකට ඇවිත් යන්න කියලයි.. එතන වැඩ ඉවර වෙද්දි හවස් උන නිසා ජන්ග්ගුග් සූ එකට නොයා අපාර්ට්මන්ට් එකට ගියේ බොන්ජොටත් මැසේජ් එකක් දාලා.. අපාර්ට්මන්ට් එකට ගිහින් වොෂ් එකක් දාගත්ත ජන්ග්ගුග් සෝෆා එකෙන් වාඩි උනේ රිමෝට් එකත් අතට අරගෙන..

ටික වෙලාවක් යද්දි දොරත් ඇරගෙන ඇතුලට ආවෙ බොන්ජො.. අරගෙන ආව කෑම ටික කෑම මේසෙන් තියපු බොන්ජො ජන්ග්ගුග්ට රවාගෙනම තමන්ගෙ රූම් එකට යන හැටි ජන්ග්ගුග් බලාගෙන ඉදියෙ කටත් ඇරගෙන.. මූට මක් වෙලාද?? ජන්ග්ගුග්ට හිතුනා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now