18th whale🐳

312 74 11
                                    

ක්ලාරට කෝල් එක ආවෙ සූ එකෙන්.. ලිලීට චුට්ටක් අමාරුයි කියලා.. ලිලීට පැටියා හම්බ වෙන වෙලාවට ශූටින් එකක් කරනවා කියලා කිව්ව බවත් ක්ලාරට මතක් උනා.. බිලීව හොයාගෙන ගියපු ක්ලාරා බිලීට කියලා සූ එකට ගිහින් චේන්ජ් කරගෙන ඇවිත් පූල් එකට පැන්නෙ වටේ ඉන්න අය ගැනවත් නොබලා.. ඒ වෙද්දි මාර්තා වගේම මෙලීනත් ලිලී ළඟට වෙලයි ඉදියේ..

ක්ලාරා වටපිට බලද්දි දැක්කෙ ඒ ළඟම ඉන්න ජන්ග්ගුග් ලියෝනා දෙන්නත්.. වතුර යට ශූටින් එකට ඕන දේවලුත් සූදානම් වෙලයි තිබුනෙ.. මේක ලිලීට වදයක් කියලා තේරුනත් අවසර අරගෙන කරන දේවල් වලට අත දාන්න ක්ලාර හැකියාවක් තිබ්බෙ නෑ..

අලුත් බබාගෙ වල්ගෙත් එක්ක ඇගේ කොටසක් එළියට ඇව්ල්ලයි තිබුනෙ.. ක්ලාරා ඇවිල්ලත් පැයක් විතර ගත උනත් තවමත් පැටියා සම්පූර්ණයෙන් එළියට ආවෙ නෑ.. ඒ වගේම ලිලී වෙන තල්මස්සු වගේ පීනනෙත් නෑ.. එකම තැනකට වෙලා ඔහේ ඉන්නවා.. ලියෝනට නම් සීතලත් හැදිලා..

"ඔන්නී.. ගිහින් ඉන්න මං කතා කරන්නම්.."

"ඕ නූනා ඔයාට සීතලයි.." ජන්ග්ගුග් කිව්වෙත් වෙව්ල වෙව්ල..

ටික ටික එක්කෙනා දෙන්නා එතනින් අයින් උනත් ක්ලාරා තවමත් වතුරට වෙලා බලාගෙන ඉදියේ මාර්තා එක්ක.. මාර්තාත් ටිකකින් අයින් වෙනවත් එක්කම කොල්ලෙක් එතනට ආවෙ ක්ලාරා තනියම නිසා.. තවත් පැයක් වගේ ගත වෙද්දි ලිලී දගලන්න ගත්ත නිසා ආයෙමත් ලියෝනා ජන්ග්ගුග් දෙනත් එක්ක අනිත් අය පූල් එකට ආවා.. එතකොටම වගේ පැටියා එළියට ආවෙ හැමෝගෙම මූණු වලට හිනාවක් ගෙන්නලා.. චූටි පැටියා අම්මගෙ වටේ වටයක් කැරකිලා එද්දි හැමෝම හිනාව පිරුනු මූණෙන් පූල් එකෙන් එළියට ආවා..

ජන්ග්ගුග්ගෙ ඉස්සරහින් පඩිපෙළ නැග්ග ක්ලාරා එකපාරටම කකුල් දෙක පැටලිලා ඇදගෙන වැටෙද්දි ඉස්සරහට පැනපු ජන්ග්ගුග්  ක්ලාරාව අල්ලගත්තෙ ලියෝනා කෑ ගහද්දි..  මෙලීනා බිලී දෙන්නම එතනට දුවගෙන ආවෙ කලබලෙන්..

"ක්ලාරා ක්ලාරා.." ජන්ග්ගුග් ක්ලාරාව සොලවමින් කතා කරත් ක්ලාරා කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙ නෑ.. ක්ලාරගෙ සුදුමැලි උන මූණ පුරා ඇස් යවපු ජන්ග්ගුගෙ ඇස් ලොකු උනේ ක්ලාරගෙ නහයෙන් ලේ එනවා දැකලා.. ජන්ග්ගුග් ක්ලාරව අත් දෙකට උස්සලා අරගත්තෙ බොන්ජො කාර් එක ගන්න දුවද්දි.. මෙලීනට නගින්න කියලා මෙලීනගෙ උකුලෙන් ක්ලාරව පරිස්සමට හාන්සි කරපු ජන්ග්ගුග් පැසෙන්ජර් ශීට් එක එකට නැග්ගෙ ඇගෙන් බේරෙන වතුර ගැනවත් ගානක් නැතුව.. එතනට ආව ලියෝනා දොර ඇරලා ජැකට් එකක් ජන්ග්ගුග්ගෙ ඇගට දාලා දොර වහලා මාර්තා එක්ක එයාගෙ කාර් එකට නැග්ගෙ ජන්ග්ගුග්ලා ගිය කාර් එක පිටිපස්සෙන් යන්න..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now