7th whale🐳

332 71 26
                                    

ඒත් එක්කම ඉස්සරහා නවත්තලා තිබ්බ කාර් එකකින් බැස්සෙ සුසී..

"සුසී?" ජන්ග්ගුග් සුසී දිහා බලාගෙන තමන්ටම කියාගත්තා.. සුසී කාර් එකෙන් බැහැලා වේගවත් ගමනකින් ජන්ග්ගුගෙ කාර් එක ළඟට එද්දි ජන්ග්ගුග් ස්ටයරින් වීල් එක උඩ තිබ්බ අත් දෙක උඩින් ඔලුව තියාගෙන පැත්තට හරවගත්තෙ සුසීට නොපෙන්න වගේ..

කාර් එක ළඟට ආව සුසී ඩ්‍රයිවින් ශීට් එක ළඟ වීදුරුවට තට්ටු කරා.. දෙතුන් පාරක් තට්ටු කරලත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා සුසී වීදුරුවට ඇස් ලං කරලා බැලුවත් සුසීට මොකුත් පෙනුනෙ නෑ.. "ආයිශ්.." සුසීට කියවුනා.. ජන්ග්ගුග් සුසී කරන දේවල් දිහා හිනා වෙවී බලාගෙන ඉදියා.. ෆෝන් එක අතට ගත්ත සුසී ටිකක් වෙලා ඒක ඔබ ඔබ ඉදලා ෆෝන් එක සාක්කුවට දාගද්දි ජන්ග්ගුග්ගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ජන්ග්ගුග්ට දැනුනා..

"ආයිශ් මේ කෙල්ල යන්නෙ නෑනෙ.." ෆෝන් එක අතට ගන්න ගමන් ජන්ග්ගුග් මිමිණුවා.. ෆෝන් එක අතට ගත්ත ජන්ග්ගුග් ඇවිත් තිබ්බ මැසේජ් එක ඕපන් කරා..

"ඔප්පා.. මං දන්නවා ඔයා කාර් එක ඇතුලෙ ඉන්නවා කියලා.. දැන්ම එළියට බහින්න.. නැත්නම් මං අබොජිට කෝල් කරන්නම්.." සුසී එවලා තිබ්බ මැසේජ් එක දැක්කම ජන්ග්ගුග්ට තරු පෙනුනා..

"ආයිශ්.. මොන වදයක්ද මංදා." කටත් ඇද කරගෙන සද්දෙන් ඒක කියපු ජන්ග්ගුග් කැප් එකයි මාස්ක් එකයි දාගෙන ජැකට් එක අතට අරන් කාර් එකෙන් බැස්සෙ මූණ කලු කරගෙන..

"ගුගී"

"මොකද??"

"මාත් එක්ක බීච් එකට යන්.." සුසී කියද්දි ජන්ග්ගුග් සුසීගෙ උඩ ඉදන් පහළටම බලලා ආයෙමත් යට ඉදන් උඩට බැලුවෙ මේකිට මොකක් වෙලාද කියන්න වගේ..

"ඔයාට පිස්සුද සුසී.. මං ඔයත් එක්ක මේ හිටගෙන ඉන්න වෙලාවත් ඇති ගොසිප් එකක් හැදෙන්න.." ජන්ග්ගුග් කිව්වෙ වටපිට බල බල ජැකට් එක දා ගන්න ගමන්..

"ඔයා හරි කැමතියි වගේ අබොජිගෙන් බැනුම් අහන්න.. එදා කෝල් කරද්දි මට බැන්න එක මං තාම කිව්වෙ නෑ.." ෆෝන් එක කරකව කරකව සුසී කියද්දි ජන්ග්ගුග් පාරෙන් එහා පැත්තෙ වෙරළෙ වොලිබෝල් ප්ලේ කරන කොල්ලො කෙල්ලො සෙට් එකක් දිහා බලාගෙන ඉදියා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now