9th whale🐳

331 68 17
                                    

ඒත් එක්කම ජන්ග්ගුග් දැක්කෙ ක්ලාරාව.. ඒත් ක්ලාරා එක්ක ආවෙ කලින් දවසෙ ක්ලාර එක්ක බීච් එකේ දැකපු කොල්ලා.. ක්ලාරට අතත් වනාගෙන ඒ කොල්ලා යන විදියත් ඒ කොල්ලා නොපෙනී යනකන් ක්ලාරා බලාගෙන ඉන්න විදියත් ජන්ග්ගුග් බලාගෙන ඉදියෙ කෝපයෙන් රත් පැහැ වූ දෑසින්..

බිම බලාගෙනම ඇවිදගෙන ආව ක්ලාරා ජන්ග්ගුග්ට ගුඩ්මෝනින්වත් නොකියා හෝල් එක ඇතුලට යන හැටි ජන්ග්ගුග් බලාගෙන ඉදියා..

"ආහ්හ්හ් මේ කෙල්ල නම්.." ජන්ග්ගුග්ට හිතුනා.. මීටීන් එක තිබ්බ කාලය පුරාම ජන්ග්ගුග්ගෙ ඇස් ක්ලාරා වටේ කැරකුණත් ක්ලාරා ජන්ග්ගුග් දිහා බැලුවෙ නෑ.. ක්ලාරට තවත් හිත රිද්දගන්න ඕන උනේ නෑ.. ජන්ග්ගුග් දිහා බලන හැම වෙලාවකම ක්ලාරට ලැබුන රැවුම් ගෙරවුම් නිසා ක්ලාරා බය උනේ ක්ලාරගෙ හිතේ එයාගෙ බනීට තියෙන තැන නැති වේවී කියලා..

මීටින් එක ඉවර වෙනවත් එක්කම ක්ලාරා ළඟට ආවෙ ලියෝනා..

"ඔයා දන්නවද?? හෙට ශූටීන් පටන් ගන්නවා.."   ක්ලාරගෙ අතේ එල්ලෙන ගමන් ලියෝනා කියද්දි ක්ලාරා දත් ටික විරිත්තලා හිනා උනා..

"ඒක නෙවෙයි.. මොකද දවස් දෙකක් ආවෙ නැත්තෙ?? මං බලන්න එන්න ඉදියෙ අනේ අසනීපයි කිව්ව නිසා.. ඒත් ඉතිං මට වැඩ ගොඩනේ.." ලියෝනා කටත් ඇද කරගෙන කිව්වා..

"ආ.. මගේ අනිත් බාගේ ඊයෙ මෙහේ ආවා ඔන්නි.. ඉතිං එයා එද්දි මට මේකට එන්න බෑනේ.."

"බිලී ආවද?? කොල්ලා දැන් හැන්ඩියා වගේ ඇති.. මටත් බලන්න ඕන.. වෙලාවක එන්න ඕන ගෙදර.."

"ඔව් ඔව් ඔය ඉන්නෙ පිස්සෙක් වගේ.. අද ගියා ඉන්ටර්වීව්.. මං බැලුවෙ මේකත් එයාගෙ ඇගේ ගහලා පැත්තකට වෙන්න.." ක්ලාරා ගැඹුරු හුස්මක් නිදහස් කරලා කියද්දි ලියෝනා ඇස් දෙකත් ලොකු කරගෙන ක්ලාරා දිහා බැලුවා..

"යාහ්හ්හ්.. විකාර කරන්න එපා.. මොකද අර කුක්කට බයේද?? දෙන්නා වලි නේ.. මං නෝට් කරගෙන ඉන්නෙ කොල්ලා තමුසෙව දැක්කම දත් කූරු කනවා.. ඇයි එයා එහෙම?? ඔයා මොනවා හරි කිව්වද??" ලියෝනා කියද්දි ක්ලාරගෙ කටත් ඇරුනා..

"ඔන්නී.. එහෙම එකක් නෑ අනේ.." ක්ලාරා කියද්දි ලියෝනා කට කොනකින් හිනා උනා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now