37th whale🐳

269 59 22
                                    

ක්ලාරා ඇස් දෙකත් ලොකු කරගෙන තමන්ගෙ ඉස්සරහා අත්දෙකත් බැදගෙන බලාගෙන ඉන්න ජන්ග්ගුග් දිහා බලන් ඉදියෙ කම්පනයෙන්.. මාස්ක් එකත් කැප් එකත් අතරෙන් පේන ජන්ග්ගුග්ගෙ දෑස් වල ගැබ් වෙලා තිබ්බ ගැඹුරු බැල්මෙ සැගවුණ හැඟීම් කියවගන්න ක්ලරට පුලුවන් උනේ නෑ..

තප්පරෙන් තප්පරේ මයික්ගෙ අත අල්ලගෙන ඉන්න ක්ලාරගේ අතේ ග්‍රහණය නිය සම පසාරු කරගෙන යන තරමට වැඩි වෙද්දි මයික් ක්ලාරගෙ දිහාත් ජන්ග්ගුග්ගෙ දිහාත් මාරුවෙන් මාරුවට බැලුවෙ කුතුහලය පිරුන දෑසින්..

ක්ලාරගෙ ඇස් වලට හෙමි හෙමින් පිරෙන කදුළු කම්මුල් තෙමාගෙන ගලාගෙන යද්දි අඩියට දෙකට ක්ලාරගෙ ළගට ආව ජන්ග්ගුග් ක්ලාරව ඇදලා අරගෙන පපුවට තුරුල් කරගත්තෙ ඇස් වලට පිරෙන කදුළු මගෑරගන්න වේගෙන් ඇස්පිය සළමින්.. මයික්ගෙ අත ඉබේම ක්ලාරගෙ අතින් අතෑරිලා ක්ලාරගෙ ඉකිය මහා හැඬුමක් වෙන්න වැඩි වෙලා ගත උනේ නෑ.. ජන්ග්ගුග් තවත් තදින් ක්ලාරව තුරුල් කරගත්තෙ ක්ලාරා දැන් තමාව දාලා යයි කියලා හිතලා වගේ..

මයික්ගෙ මූණට හිනාවක් එද්දි ක්ලාරගෙ නියපොතු වලට තුවාල උන අත හෙමින් අත ගාගන්න ගමන් මයික් එතනින් අයින් උනා.. විනාඩි ගානක්ම ජන්ග්ගුග්ට තුරුල් වෙලා අඩපු ක්ලාරා ජන්ග්ගුග්ගෙන් ඈත් උනේ එක අතකින් මූණ පිස දාමින්..

ක්ලාරගෙ අතක් තදින් අල්ලගත්ත ජන්ග්ගුග් ක්ලාරගෙ මූණට පහත් වෙලා මූණ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදියා.. ක්ලාරගෙ ඉදිමුණු ඇස් වටේ ඇදිලා තිබුන අදුරු සෙවණැලි දිහා බලන් ඉදපු ජන්ග්ගුග් කෙල්ලගෙ කොණ්ඩෙ අවුස්සලා ඇස් වලින් ක්ලාරා එක්ක හිනා උනේ මොකුත් නොවුණා වගේ..

"ඉතිං, වැඩ ඉවර නම් මාත් එක්ක යමුද??"

ජන්ග්ගුග් අහද්දි ක්ලාරා බිම බලාගත්තෙ යටි තොල නොපිට පෙරළලා.. කකුලෙ මහපැටැගිල්ලෙන් වෙරළෙ ඉරි අදින  ක්ලාරගෙන් උත්තරයක් ලැබෙනකන් ජන්ග්ගුග් ඉවසීමෙන් ක්ලාරා දිහ බලාගෙන ඉදියා.. ටික වෙලාවකින් ඔලුව උස්සපු ක්ලාරා ඔලුව ඉහළ පහළ වැනුවා..

"බෑ කිව්වා නම් උස්සගෙන යනවා.."

කියපු ජන්ග්ගුග් හිනා වෙන බව ක්ලාරට තේරුනේ ජන්ග්ගුග්ගෙ ඇස් චූටි වෙද්දි.. ක්ලරගෙ මූණට හිනාවක් පිරුණා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now