36th whale🐳

288 59 50
                                    

"මං ඕසී යනවා.."

ක්ලාරා කියද්දි බිලී වාඩිවෙලා ඉදපු තැනින් නැගිට්ටෙ ඉබේටම..

"අක්කා.."

බිලී කෑ ගහද්දි ක්ලාරා ෆෝන් එක කනෙන් ඈතට ගත්තා..

"ඔයාට මේක කරන්නම ඕනද?? හ්‍යුන්ග් පව් අක්කා.."

"බිලී.. මං එයාට සුදුසු නෑ.. මං එයා ළඟ ඉන්න ඕනම වෙලාවෙ, බහුබූත ගොඩක් ඔලුවෙ පුරවගෙන, එයාව දාලා පැනලා ගිය කෙනෙක් විදියට මං කොහොමද මටම සමාවක් දෙන්නෙ.. එයා ටික දවසකින් හිත හදාගනීවී.. මාව අමතක කරාවි.. මට පුලුවන් දුර ඉදන් එයා දිහා බලාගෙන ඉන්න.."

ක්ලාරා කියද්දි බිලී හිසකෙස් අතරින් ඇගිලි ගෙනිච්චෙ වේදනාවෙන්.. ක්ලාරා කොච්චර මොන දේ කිව්වත් ක්ලාරට මේ කියන දේ කරන්න පහසු නෑ කියන එක බිලීට තේරුනා.. බිලී උත්සහ කරේ ක්ලාරගෙ හිත වෙනස් කරන්න..

"එයා ඔයාව තේරුම් ගනීවි අක්කෙ.. ඔයාගෙ සිටුවේශන් එකේ මං ඉදියත් මාත් එදා ඔය තීරණේම ගන්න තිබ්බා.. ඒත් දැන් ඇති අක්කා.. ඔයා ආයෙ එන්න ඕන.."

"මං දන්නවා බිලී එයාට මාව තේරුම් ගන්න පුලුවන්.. ඒත් මට බෑ මට සමාවක් දෙන්න.. මං වැරදියි.. ගොඩක්.."

ක්ලාරා කියද්දි බිලී නිහඬ උනා.. තවත් ක්ලාරා එක්ක වාද කරන එක තේරුමක් නෑ කියලා බිලීට තේරුනා.. බිලී ක්ලාරගෙන් සමු අරන් කෝල් එක කට් කරේ ක්ලාරාගෙ වැඩ ගැන හිතේ ඉපදුනු ත!! රහෙන්..

ජන්ග්ගුග් නැගිටිද්දි කොල්ලට දැනුනෙ වෙනදට වඩා ඇගට අමාරු බවක්.. ඇදට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න බොන්ජොට ඇහෙරෙන්නෙ නැති වෙන්න ඇදෙන් බැස්ස ජන්ග්ගුග් වොශ් රූම් එකට ගියා.. ජන්ග්ගුග් බාත් රූම් එකෙන් එළියට එනකනුත් බොන්ජොට නම් ඇහැරුනෙ නෑ.. යන්තම් රිදුම් දෙන ඔලුව එක අතකින් අත ගාන ගමන් කොල්ලා සයිඩ් ටේබල් එක ළඟට ගිහින් වතුර වීදුරුව අතට ගත්තෙ වතුර ටිකක් බොන්න..

සයිඩ් ටේබල් එක උඩ තියලා තිබ්බ තමන්ගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක බිදිලා තිබ්බ විදිය දැක්ක ජන්ග්ගුග්ට එකපාරටම මතක් උනේ ඊයෙ දවසෙ උන දේවල්..

'ක්ලාරා හොයාගන්න නෑ..'

ජන්ග්ගුග්ගෙ ඔලුව ඇතුලේ ඒ වචන ටික නැවත නැවතත් ඇහෙද්දි අතේ තිබ්බ වතුර වීදුරුව බිමට අතෑරෙන බවවත් ජන්ග්ගුග්ට දැනුනෙ නෑ.. වතුර වීදුරුව බිදෙන සද්දෙට අවදි උන බොන්ජො ඔලුව උස්සලා බලද්දි දැක්කෙ ඔලුව අත් දෙකෙන් බදාගෙන හිටගෙන ඉන්න ජන්ග්ගුග්ව.. බොන්ජො අඩියට දෙකට ජන්ග්ගුග් ළඟට ගිහින් ජන්ග්ගුග්ව තමන්ගෙ පැත්තට හරව ගත්තා.. බොන්ජොව තල්ලු කරලා දාපු ජන්ග්ගුග් දොර ගාවට යද්දි බොන්ජො ඉමර්ජන්සි බට්න් එක ප්‍රෙශ් කරලා ජන්ග්ගුග්ව අල්ලගන්න දිව්වා.. දොර ඇරගෙන එළියට යන්න හදපු ජන්ග්ගුග්ගෙ අත් දෙකේ බාහු වලින් අල්ල ගත්ත බොඩි ගාඩ්ලා දෙන්නෙක් කවුරුවත් ජන්ග්ගුග්ව දකින්න කලින් ජන්ග්ගුග්ව ඇතුලට ඇදගෙන ඇවිත් දොර වැහුවා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now