14th whale🐳

310 74 13
                                    

ක්ලාරා එක පාරටම ගැස්සිලා ඇහැරුනා.. ඇස් දෙක ඇරලා වටපිට බලද්දි ක්ලාරා දැක්කෙ එයාගෙ දිහා බලාගෙන ඉන්න ජන්ග්ගුග්ව.. එහෙම්මම ක්ලාරා ඇස් දෙකත් පොඩි කර කර වටපිට බලද්දි දැක්කෙ උදේ කාර් එකට නැග්ග බස් හෝල්ට් එක ගාව කාර් එක නතර කරලා තියෙනවා..

"නින්දට නම් තැන අදාළ නෑනේ?? මං වැස්ස නවතිනකන්ම මෙතන නවත්තගෙන.. ඒත් නැගිට්ටෙ නෑ.."

"මොකක්??"

ජන්ග්ගුග් කියද්දි ක්ලාරට කෑ ගැහුනා.. ක්ලාරා ඔරලෝසුවෙන් වෙලාව බලද්දි ජන්ග්ගුග් කිව්වෙ ඇත්ත කියලා ක්ලාරට තේරුනා..

"ඇයි නැගිට්ටෙව්වෙ නැත්තෙ?" ක්ලාරා ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන..

"නැගිට්ටවන්න හිතුන්නෑ ඉතිං.." ජන්ග්ගුග් යාන්තම් මිමිණුවා..

"මේ ඒක නෙවෙයි ගෙදර ඇඩ්‍රස් එක කියන්න.. මං ගිහින් දාන්නම්.." ජන්ග්ගුග් කියද්දි ක්ලාරා නළල රැලි කර ගත්තා..

"නෑහ්හ්හ් මං මෙතනින් බහින්නම්"

"අනේ මේ පණ්ඩිතකම් නැතුව කියනවකෝ.. එහෙම මග දාලා යන්න පුලුවන්ද??" ජන්ග්ගුග් කියද්දි ක්ලාරා ගෙදර ඇඩ්‍රස් එක ජන්ග්ගුග්ට කිව්වා..

ක්ලාරගෙ ගේ ළඟට ඇවිත් ජන්ග්ගුග් කාර් එක නවත්තද්දි ක්ලාරා බෑග් එකයි කෑම පෙට්ටියයි අතට ගත්තා..

"එහෙනම් මං යනවා.. තැන්ක් යූ මාත් එක්ක ආවට.." ක්ලාරා කිව්වෙ දත් ටික විරිත්තලා හිනාවෙලා..

"යාහ්හ්හ් ගෙදර ළඟටම ආව මනුස්සයෙක්ට තේ එකක්වත් නොදී යවන සිරිතක් තියෙනවද??"

"ආ.. ඔයාලා එහෙම එනවද?? එහෙම ආවට ප්‍රශ්නයක් නැද්ද??" ක්ලාරා ඇහුවෙ පුදුමෙන්..

"මට නම් ප්‍රශ්නයක් නෑ.. ඔයාට ප්‍රශ්නයක් නැත්නම්.."

"මට මොන ප්‍රශ්නද??" කියාගෙන ක්ලාරා කාර් එකෙන් බහද්දි ජන්ග්ගුග් මාස්ක් එකයි කැප් එකයි ජැකට් එකයි දාගෙන කාර් එකෙන් බැස්සා.. කාර් එකෙන් බැහැලා ජන්ග්ගුග් වට පිට බැලුවා.. පාරෙන් එහාපැත්තෙ පේන්න තියෙන මුහුද වැස්සත් එක්ක අලුත් උන පරිසරය ජන්ග්ගුග්ට ගෙනාවෙ නැවුම් හැඟීමක්.. අපාර්ට්මන්ට් එකේ බැල්කනියට පේන පරිසරයට වඩා මේ පරිසරය ලස්සන බව ජන්ග්ගුග්ට හිතුනා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now