12th whale🐳

320 74 4
                                    

"ජ ජන්ග්ගුග්ශී.." ක්ලාරට කියවුණා.. ජන්ග්ගුග් ක්ලාරගෙ ළගටම ඇවිදගෙන ආවා.. ක්ලාරා ජන්ග්ගුග්ගෙන් ඇස් ඉවත් නොකරම ජන්ග්ගුග් දිහා බලාගෙන ඉදියා.. රූෆ් ටොප් එකේ කෙටි බැම්මට හේත්තු උන ජන්ග්ගුග් ඈත පේන මුහුද දිහා බලාගෙන ඉදියා..

"වාව් මෙතන මාර ලස්සනයිනේ.. දන්නවා නම් කලින්ම එනවා.."

"ජන්ග්ගුග්ශී ඇයි මෙතනට ආවෙ?" ජන්ග්ගුග්ගෙ දිලිසෙන ඇස් දිහා බලාගෙන ක්ලාරා අහද්දි ජන්ග්ගුග් ක්ලාරගෙ දිහා බැලුවා..

"නිකන් මට එන්න හිතුනා.. ඔයා මොකද කවදාවත් නැතුව මට ගෞරව නම්බු නාම දීලා කතා කරන්නෙ??" ජන්ග්ගුග් ඇහුවෙ නළලත් රැලි කරගෙන..

"කවදාවත් නැතුව කියන්නෙ මීට කලින් මං ඔයා එක්ක වැඩිය කතා කරලා නෑනේ.. කතා කරත් මගේ ඇගට කඩන් පනින්නනෙ බලාගෙන ඉදියෙ.." ක්ලාරා කියවගෙන යද්දි ජන්ග්ගුග් තොල් දෙක තද කරගෙන හිනා උනා..

"මං එච්චර නපුරු උනාද??" ක්ලාරගෙ මූණට නැවිලා ජන්ග්ගුග් අහද්දි ක්ලාරා අඩියක් පස්සට තියලා මූණ පිටිපස්සට ගත්තෙ බය වෙලා.. වේගෙන් ඇසිපිය ගහන ගමන් කලබලෙන් වටපිට බලන ක්ලාරා දිහා ජන්ග්ගුග් බලාගෙන ඉදියෙ හිනාව තද කරගෙන..

"මොකද මේ බය වෙලා.."

"ක කවුද බ් බ බය උනේ??"

"ඔයානෙ.."

"ම මං බය උන්නෑ.." ක්ලාරා තොලත් නොපිට පෙරළලා කියද්දි ජන්ග්ගුග් තද කරගෙන ඉදිය හිනාව එළියට පැන්නා..

"යාහ්හ්හ්හ් හිනා වෙන්නෙපා.." ක්ලාරා ඔරවගෙන කියද්දි ජන්ග්ගුග් තවත් හයියෙන් හිනා උනා.. ක්ලාරා වශී වෙලා වගේ ජන්ග්ගුග්ගෙ හිනාව දිහා බලාගෙන ඉදියා.. බනී ටීත් පෙන්නලා හිනා වෙන ජන්ග්ගුග්ගෙ බනී ස්මයිල් එකට ක්ලාරා කවදත් ආසයි..

"මං දන්නවා මං හැන්ඩ්සම් කියලා.."

ජන්ග්ගුග් ක්ලාරා දිහා බලලා කියද්දි ක්ලාරා මූණ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු පාට කරගෙන අහක බලාගත්තෙ ලැජ්ජාවෙන්..

"මං ආවෙ ඊයෙ වෙච්ච දේට සමාව ගන්න.. සුසීගෙ හැටි ඒ.. එයා කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ.." ජන්ග්ගුග් කණගාටුව මුසු උන ස්වරයකින් කියද්දි ක්ලාරා ජන්ග්ගුග් දිහා බැලුවා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now