22th whale🐳

304 74 16
                                    

ක්ලාරා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න දිහා ජන්ග්ගුග් තප්පර කීපයක් බලාගෙන ඉදියා.. බිම වැටුන ක්ලාරගෙ ෆෝන් එක අතට ගත්ත ජන්ග්ගුග් මාර්තගෙ කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දා ගත්තා..

"ක්ලාරා.. අපි යන්න ඕන නේද??" ජන්ග්ගුග් ක්ලාරගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන ක්ලාරගෙ මූණට එබුනා.. ක්ලාරා ඇස් දෙකේ කදුළුත් පුරවගෙන හෙමින් ඔලුව හරවලා ජන්ග්ගුග් දිහා බැලුවා..

"ඔයත් දැනගෙන ඉදියද??" ක්ලාරා ඇහුවෙ ජන්ග්ගුග්ගෙ ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.. ජන්ග්ගුග් ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියලා අගවන්න..

"යමු.." ක්ලාරගෙ දෑසින් වැටුනු කදුළු දෑතින්ම පිහිදාපු ජන්ග්ගුග් ඇදන් ඉදපු ජැකට් එක ගලවලා ක්ලාරගෙ උරහිස් දෙපැත්තෙන් දැම්මෙ ක්ලාරා කෝට් එකත් රූෆ් ටොප් එකේ අමතක කරලා දාලා ඇවිත් තිබ්බ නිසා.. ක්ලාරා හෙමින් හෙමින් ගමන අරඹද්දි ජන්ග්ගුග් ක්ලාරට සමාන්තරව ගමන ඇරඹුවෙ ක්ලාරගෙන් දෑස් ඉවත් නොකර.. සැරිස් සැරේ වැටෙන කදුළු පොකුරු පිටිඅල්ලෙන් පිසදාමින් ඉදිරියට ඇදෙන ක්ලාරා දිහා ජන්ග්ගුග් බලාගෙන ඉදියෙ රිදුම් දෙන හදවතින්..

ලිලීගෙ පූල් එක ගාවට දෙන්නම ළං වෙද්දි පූල් එක වටේ සූ එකේ ස්ටාෆ් එකත් ඩ්‍රාමා එක ශූට් කරන්න ආව ස්ටාෆ් එකත් පිරිලා ඉදියේ මූසල නිහඬතාවයක් රජ කරද්දි.. පූල් එකේ කොනක තිබ්බ වේදිකාවෙ පැත්ත වැටිලා අමාරුවෙන් හුස්ම ගන්න ලිලීව දැකපු ක්ලාරා අඩාගෙන ලිලී ගාවට ගිහින් දණ ගහගත්තෙ බලාගෙන ඉන්න අයගේ දෑසට කදුළු පුරවලා..

"අනේ ලිලී ඇස් අරින්නකෝ.. මං දිහා බලන්නකෝ.. ඔහොම ඉන්න එපා.." ක්ලාරා කෑ ගගහා අඩමින් කියද්දි මාර්තා ගිහින් ක්ලාරගෙ උරහිස වටේ අතක් දාගත්තෙ දෑසින් වැටෙන කදුළු පිසදාමින්..

ලිලී යන්තමට දෑස් විවරකරලා ක්ලාරා දිහා බලලා පුංචි සද්දයක් දාලා ආයෙත් ඇස් පියාගත්තෙ ක්ලාරා අත් දෙකෙන්ම කට වහගද්දි..

ලිලීගෙ ඔලුව අතගාමින් ඉකිගහමින් අඩන ක්ලාරාගෙ ළඟට ලං වුණේ ලියෝනා.. ලියෝනා ක්ලාරගෙ උරහිස වටේ අතක් දාගත්තෙ මාර්තා නැගිටලා ගිහින් වෝටර් ස්ප්‍රේ එක අතට ගද්දි.. ලිලීගෙ ඇගට උඩින් වතුර දාද්දි ලිලී යන්තමට පිටිපස්සෙ වරල එහෙ මෙහෙ කරේ අමාරුවෙන්.. ලිලීගෙ ඉපදිලා සතියක්වත් නැති පැටියා පූල් එක පුරාම කලබලෙන් පීනන දිහා ක්ලාරා බලන් ඉදියෙ අත් දෙකෙන්ම කට වහගෙන.. ලිලීගෙ ඇගෙන් එළියට ගලන කිරි කළු පාට ටයිල් බිම පුරාම සුදු පාටින් රටා ඇන්දා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now