25th whale🐳

290 67 16
                                    

මැසේජ් එක ඇවිත් තිබ්බෙ ජීමින්ගෙන්..

"හ්‍යුන්ග්.. ඔය තඩි හාවව එක්කගෙන කන්න එන්න ප්‍රැක්ටිස් රූම් එකට.. ඌට අපි මැසේජ් දැම්මට පේන්නෑ.. ගස් හාවා.."

ජීමින් එවලා තිබ්බ මැසේජ් එක කියවපු ජින්ට නම් හිනාව නවත්තගන්න ගොඩක් වෙලා ගියා..

"ආයිශ් මේ කොට පාත්තයව මං අල්ලගන්නම්කෝ.."

ජන්ග්ගුග් කිව්වෙ හිනාවෙවීමයි..

"යමු යමු.. හොබී කාලත් නෑ කිව්වා.." ජින් කිව්වෙ වාඩි වෙලා ඉදපු පුටුවෙන් නැගිටින ගමන්.. නම්ජූන් ඔලුව වනලා පුටුවෙන් නැගිටලා එද්දි ජන්ග්ගුග් ඒ දෙන්නගෙ පිටිපස්සෙන් කැබින් එකෙන් එළියට ආවා..

තුන් දෙනාම ප්‍රැක්ටිස් රූම් එකට ඇතුල් වෙද්දි ප්‍රැක්ටිස් රූම් එකේ බිම රෙද්දක් එළලා ඒකෙ පීසා පෙට්ටි හතරක් තියලා තිබ්බා.. ජීමින් බීම කෑන් හතකුත් එතනින් ගෙනත් තියලා අයිනක වාඩි වෙලා ඇස් දෙකත් පියාගෙන ඉදපු යුන්ගිගෙ අතට තට්ටු කරේ යුන්ගිට ඇහැරවන්න.. හැමෝම ගිහින් බිමින් වාඩි වෙද්දි යුන්ගි නිදිබර ඇස් පිසදමමින් ඇවිත් අනිත් අය වාඩි වෙලා ඉදපු තැනින් වාඩි උනා..

"අද පාටිය හොබී හ්‍යුන්ග් ගානෙ.."

ටේ කිව්වෙ දත් ටිකත් විරිත්තලා හිනා වෙලා..

"පලයන් කුණු ලෝභයා.. උඹට තමා පාටියක් දෙන්න අමාරු.."

ජීමින් කියද්දි ටේ කටත් ඇරගෙන වටේම බැලුවා..

"යාහ්හ්හ්.. මං අරන් දීලා නෑ වගේ කියවන්නෙ.. එදා හන් ගඟ ගාව කැෆේ එකේදි ලටේ බිව්වෙත් මගේ සල්ලි වලින්.."

"ඒ මගේ පර්ස් එක කාර් එකේ දාලා ගිය නිසානෙ.."

"යාහ්හ්හ් පාක් ජීමින්.."

"දෙන්නම ඕක නවත්තනවද??" ජින් කියද්දි ටේ ජින් දිහා බැලුවා..

"පොඩ්ඩක් ඉන්න හ්‍යුන්ග්.. මේක විසදගන්නෝන.. මේ තමුසෙ මගේ සෝල්මේට් නේද??" ටේ කෑ ගහලා ඇහුවෙ ජීමින්ගෙ පැත්තට ඇගිල්ල දික් කරලා ඇස් දෙක ලොකු කරගෙන..

"ඔව්.. ඒ උනාට..."

"ඒ උනාට?? ඒ උනාට මොකක්ද??"

"යාහ්හ්හ් තමුන්ලා දෙන්නා ඔය මගුල මෙතනින් එළියට ගිහින් විසදගන්නවලා.. මට නිදාගන්නත් නෑ.. ආයිශ් මේ පොඩි එවුන්.." යුන්ගි මහ හයියෙන් කෑ ගහද්දි දෙන්නම කට වහගත්තා.. නම්ජූන්ගෙ මූණට හිනාවක් මතු උනේ යුන්ගිගෙ කටට තාමත් ඔක්කොම බයයි කියලා මතක් වෙලා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now