24th whale🐳

312 64 42
                                    

පිටිපස්සෙන් ඇහුන කටහඬට හැමෝම හැරිලා බලද්දි දැක්කෙ සුසීව..

"සුසී.. තමුන් මොකක්ද මෙතන කරන්නෙ??"

"ඔහ්හ්හ් ජන්ග්ගුග් ඔප්පා.. ඔයත් මෙතනද?? මං ආවෙ මගේ අලුත් හුරතලාව බලන්න.."

ජන්ග්ගුග් සුසීගෙ පැත්තට යද්දි සුසී කිව්වෙ ඇදලා පැදලා.. ක්ලාරා නළල රැලි කරගත්තෙ සුසීගෙ කතාවට..

"තමුන්ගෙ හුරතල්ලු මෙහේ නෑ.. කරුණාකරලා යනවා සුසී මගේ යකා අවුස්සන්නෙ නැතුව.."

ජන්ග්ගුග් කිව්වෙ දත් මිටි කන ගමන්..

"ඔහ්හ්හ් කන්අබොජී.. එන්නකෝ.. ඔයා ජන්ග්ගුග්ව දන්නවා නේ.. එයත් ඉන්නවා.."

සුසී කියද්දි හැමෝම බැලුවෙ සුසීගෙ කන්අබොජි දිහා.. වයස අවුරුදු 45ක් වගේ වෙන  සුසීගෙ කන්අබොජි දිහා බලලා ජන්ග්ගුග් ආයෙත් සුසී දිහා බැලුවෙ රවාගෙන..

"ඔයා මොකටද මෙහේ ආවෙ??" ලියෝනා සුසී ගාවට ළං උනා..

"ඔහ්හ්හ් ඔන්නී.. ඔයා දන්නවද අර අලුත් තල්මස් බබාව තාම සූ එකේ රෙජිස්ටර් කරලා නෑලු.. මගේ කන්අබොජි මට පොරොන්දු උනා එයාව මට අරන් දෙනවා කියලා.. ඉතිං මං මේ ආවෙ එයාව බලන්න.."

සුසී කිව්වෙ මූණට වැටුනු කොණ්ඩ කැරැල්ලක් කණ පිටිපස්සෙ රදවන ගමන්..  ක්ලාරගෙ උඩ ඉදන් පහළටම බලපු සුසී ජන්ග්ගුග් දිහා බැලුවා.. ජන්ග්ගුග් තවමත් සුසී කියපු දේ කල්පනා කරන ගමන් ඉදියේ..

"මොකක්??" ක්ලාරා එක පාරටම ඇහුවෙ පුදුමෙන්..

"ඔව්.. මං එයාව හදාගන්නවා.." සුසී කිව්වෙ ඔලුව ගස්සලා.. ක්ලාරා වේගෙන් ඇසිපිය ගහන ගමන් සුසී දිහා බලාගෙන ඉද්දි බිලී ඇවිත් ක්ලාරගෙ උරහිසට උඩින් අතක් දාගෙන ක්ලාරගෙ උරහිස යන්තමට මිරිකුවා.. ක්ලාරා බිලී දිහා බලද්දි බිලී ඇස් වලින් ඔක්කොම හරි කියලා ක්ලාරට ඉගි කරලා සුසී දිහා බැලුවා..

"දැන් ඔයා ඌව ගෙනිහින් තියා ගන්නෙ ඇදේද??"

බිලී ඇහුවෙ කට කොනෙන් හිනා වෙලා.. සුසී ටිකක් වෙලා බිලී දිහා බලාගෙන ඉදියෙ තොලත් හපාගෙන..

"ඔයා කවුද??" සුසී ඇහුවෙ බිලීගෙන්..

"මං ඒ තල්මස් බබාගෙ ලොකු තාත්තා.. අක්කේ.. මේ විකාර අහන්න වැඩක් නෑ.. අර මැරුන සතා තව ටිකකින් වළ දානවා.. එතනට යන්.. පස්සෙ බැරිය ළමයා ගැන බලන්න.. ආ ඒක නෙවෙයි ඔය තල්මස් අම්මේ.. පොඩ්ඩක් බලන්න පැටියට කිරි දෙන්න පුලුවන්ද කියලා.. ඌ ඊයෙ ඉදන් බඩගින්නෙ"

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now