35th whale🐳

243 59 26
                                    

අද මං කතාව ලිව්වෙ Doom at your service එකේ breaking down සිංදුව අහ අහ.. ඒ සිංදුව නම් පිස්සුවක්..

.
.
.
.
.
බොන්ජො හිමිහිට ඔලුව උස්සලා බැලුවෙ ඔලුව අතගානවා වගේ දැනුන නිසා.. කොල්ලා ඔලුව උස්සලා බලද්දි දැක්කෙ අඩවන් උන ඇස් වලින් තමන්ගෙ දිහා බලාගෙන ඉන්න ජන්ග්ගුග්ව..

"කුකී.."

බොන්ජො කෑ ගහගෙන නැගිට්ටෙ පුටුවත් පෙරළගෙන.. ජන්ග්ගුග් මළානික හිනාවක් බොන්ජොට පාද්දි බොන්ජො ඉමර්ජන්සි බට්න් එක ප්‍රෙශ් කරේ කලබලෙන්.. තප්පර කීපයක් ගතවෙද්දි  රූම් එක ඇතුලට දුවගෙන ආවෙ මින්හෝ.. මින්හෝගෙ පස්සෙන් දුවගෙන ආවෙ නර්ස්ලා දෙන්නෙක්..

"අම්බෝ ඇති යන්තම්.."

පපුවට අතක් තියාගෙන තමන්ටම මුමුණගත්ත මින් හෝ ජන්ග්ගුග්ව චෙක් කරන්න පටන් ගත්තා.. බොන්ජො හැමෝටම කෝල් කරලා ජන්ග්ගුග්ට සිහිය ආව බව කියද්දි මින් හෝ කොල්ලව චෙක් කරලා ඉවර කරා..

"දැන් නම් තත්වෙ නෝමල්.. තව පැය හතරක් සේලයින් දෙමු.. ඇදෙන් බහිද්දි වීල්චෙයා යූස් කරන්න.. දැන්ම ටිකට් නම් කපන්නෙ නෑ කොල්ලො.."

ජන්ග්ගුග් කට හදන්නෙ මොකක් අහන්නද කියලා දන්න නිසා මින්හෝ එහෙම කිව්වෙ ජන්ග්ගුග්ගෙ මූණ අදුරු කරලා.. බොන්ජොට හිනාවක් ආවෙ ජන්ග්ගුග්ගෙ මූණ දැකලා..

"මොකුත් කන්න දෙන්න හොද නැද්ද ඩොක්ටර්?"

"ස්කෑන් එක ගත්තට පස්සෙ දෙන්න.. ඒත් ස්පයිසි දේවල් දැම්ම දෙන්නෙපා.. ජේ හ්වා ස්කෑන් එකට ලෑස්ති කරන්න.."

මින්හෝ නර්ස් කෙනෙක්ට කියලා රූම් එකෙන් එළියට ගියා.. පැය බාගයක් යන්නත් කලින් එතනට කඩාගෙන වැදුනෙ ටේහ්‍යුන්ග් ජීමින් දෙන්නා..

"යාහ්හ්හ් කුක්කෝ.."

දෙන්නම ඇස් දෙකේ කදුළු පුරවගෙන දෙපැත්තෙන් ජන්ග්ගුග්ව බදාගද්දි ජන්ග්ගුග් ආපිට ටේහ්‍යුන්ග්වයි ජීමින්වයි බදාගත්තා..

"ඇති ඇති ඕයි.. මාව තලලා ම!! රන්නද හදන්නෙ??"

ජන්ග්ගුග් කෑ ගද්දි ටේහ්‍යුන්ග් ජන්ග්ගුග්ගෙ ඔලුවට තට්ටුවක් දාලා පැත්තක තිබ්බ පුටුවක් ඇදගෙන වාඩි උනා.. ජීමිනුත් අනිත් පැත්තෙන් වාඩි වෙද්දි සයිඩ් ටේබල් එක උඩින් ගෙනත් තියපු බෑග් එක අතට ගත්ත ජන්ග්ගුග් ඒක අවුස්සන්න ගත්තා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now