01

1.9K 269 14
                                    

යන්තමින් කලුවර වැටෙන්න පටන් අරගෙන තිබුන ජනාකීර්ණ සෝල් නගරේ පුරාම පැතිරිලා තිබුනේ සොදුරු රන් පැහැයක්...සුන්දර සරත් ඍතුවේ අවසානය සටහන් කරමින් ශීත ඍතුවේ පලවෙනි හිම පියලි සෝල් නගරේ වීදී පුරා විසිරිලා යද්දී විසි කරන්න ලෝභ හිතුන අයිස් කොෆී එකේ ස්ට්රෝ එක දත් අතර තද කරගෙනම ග්රොසරි බෑග් ටික එක අතකින් අරගෙන වීදිය කෙලවරක නවත්තලා තිබුන කා එක ලගට ඇවිදගෙන ආපු සාරා හදිසියක් නැතුවම කොෆී එක කා එකේ වහල උඩින් තියලා ග්රොසරි බෑග් ටික පිටි පස්සේ සීට් එකට දාන්න නැමෙන කොටම දුවගෙන ආපු කෙනෙක් සාරාව අයින් කරලා කා එකට නැග්ගා...

එක පාරටම සිද්ධ වුන දේත් එක්ක ගල් ගැහුන සාරා ඊලග තත්පරේ කා එක ඇතුලට එබුනා... කලු මාස්ක් එක,  කලු පාට හූඩි එක කන් පෙත්ත දිගටම තිබුන කරාබු පේලිය හිතට හුරු පුරුදු බවක් දැනුනත් සාරා ඒ ගැන නොහිතා නන්නාදුනන අමුත්තා දිහා සැක මුසු බැල්මකින් බලද්දි...

"නූනා ටිකක් ඉස්සරහින් මාව දාගෙන යනවද කට්ටියක් මාව follow කරනවා "

කලබල කටහඩින් අමුත්තා කතා කරන කොට කා එකට ටිකක් එහායින් ගෑණු ළමයි කණ්ඩායමක් සාරාගේ කා එක පැත්තට දුවගෙන එනවා සාරා දැක්කා...

පිටිපස්ස හැරිලා ඒ පැත්ත බැලුව අමුත්තා ආපහු සාරා දිහා බලද්දි ඒ පැත්ත බලාගෙන හිටපු සාරත් අමුත්තා දිහා බැලුවේ එකම වෙලාවේ,

"නූනා චෙබාල් !!!"

ඒ දිලිසෙන බෝල ඇස් වලට බෑ කියන්න පුලුවන්  කමක් සාරාට තිබුනේ නෑ... කලබලෙන් ම වහල උඩ තිබුන කොෆි එක අරගෙන අමුත්තාගේ අතට දුන්න සාරා කා එක ස්ටාර්ට් කරලා පාරට ගත්තේ කෙලි නඩේ කා එක දිහා හැරිලා බලද්දිමයි....

සිනිඳු හිම පියලි හිම වැස්සක් වෙලා වැටෙන කොට කා එක ඇතුලේ තිබුන අසාමාන්‍ය නිහඩ බව බිදලා අමුත්තා කථා කලා..

"කුමාවෝ නූනා"

පිටිපස්සට වෙලා තිබුන හූඩි එකෙන් නිරාවරනය වුන පලල් නලල, දකුණු ඇහැට උඩින් තිබුන  pierce එක, හා පැටියෙක් ගේ වගේ බෝල ඇස් දෙක!!! රෙයා වීව් මිරර් එකෙන් බලාගෙන හිටපු සාරගේ එක බැල්මට අහුවුනා...

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now