14

529 170 29
                                    

තාමත් යන්තමට තිබුන ඔලුවේ බර ගතියත් එක්ක හෙමින් ඇස් ඇරපු සාරා මුලින්ම දැක්කේ නිල් පාට ජනෙල් තිර අතරින් පෙනුන තරු පිරුන අහස... ටිකක් වෙලා අහස දිහා බලාගෙන හිටපු සාරා පුංචි කාමරේ පුරාම ඇස් කැරකෙව්වේ තමන් ඉන්නේ රෝහල් කාමරේක කියලා තේරුන නිසා...

කැනියුලා එකක් සම්බන්ධ කරලා තිබුන යන්තමින් වේදනා දෙන දකුණු අත වාරු කරගෙන හෙමින් නැගිටලා ඇදේ වාඩි වුන සාරා දොර දිහා බැලුවේ, දොර හෙමින් ඇරුන නිසා....

ඒත්...
දොර ගාව හිටගෙන තමන් දිහා බලාගෙන ඉන්න  හැරීව දැක්කම සාරා ගැස්සුනා...කලබලෙන් වටපිට බලන සාරා දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු හැරී හෙමින් සාරාගේ ලගට ආවා....

"හ් හැරී!!! ඔ ඔයා කොහේද......"

"ඔයා faint වුනා සාරා...මමයි හොස්පිට්ල් අරගෙන ආවේ"

සාරා අහපු දේ ගනන් ගන්නෙ නැතුව ම හැරී කියන කොට, සාරා ඇස් ලොකු කරගත්තා....

"ආ ආහ් මං උදේ ඉදලම කෑම කෑවේ නෑනේ ඒක නිසා වෙන්න ඇති"

"ම්ම්  ම්හ්  අපි බලමුකෝ "

"මොනවද?"

"රිපෝට්ස් ආවම"

"හැරී!!!"

"ආහ් සාරා!! ඩොක්ටර් මටත් හේතුවක් කිව්වේ නෑ ඒත් blood sample එකක් ගත්තා ඒකේ රිපෝට්ස් එනකම් අපිට ටිකක් ඉන්න වෙනවා "

"බ්ලඩ්!!! අපි!! කවුද අපි,, මොකටද blood check කරන්නේ!! මට ඇති අසනීපයක් නෑ "

"ඕ කමෝන් සාරා!! අපි බලමු,,අපි කිව්වේ ඔයයි මමයි..."

"ආහ් ඕකේ!! ..මේ අහන්න හැරී මං හිතන්නේ ඔයා දැන් ගියොත් හොදයි...මට පුලුවන් මැනේජ් කරගන්න, උදව් කලාට ගොඩක් ස්තුතියි 😊"

"පිස්සුද සාරා,, රිපෝට්ස් ආවම මං ඔයාව ගෙදරට ඇරලවලා යන්නම්..."

"හැරී ප්ලීස් ලීව්!! මං මගේ boy friend ට කථා කරලා ගෙන්න ගන්නම් "

උගුර හිර වෙන කොට එහෙම කියලා සාරා අහක බලාගත්තා... ටිකක් වෙලා සාරා දිහා බලාගෙන හිටපු හැරි මොකුත් නොකියාම රෝහල් කාමරෙන් එලියට යනකොට මෙච්චර වෙලා හිර කරගෙන හිටපු ඉකිය බිදිලා යද්දී සාරා දනිස් දෙකට කම්මුල හේත්තු කරගෙන ඈත අහසේ ඇස් දෙක අලවගත්තා.....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now