04

747 211 37
                                    

එදා වගේම elevator එක ground floor එකට යනකන්ම බලාගෙන හිටපු සාරා ගේ ඇතුලට ඇවිත් ජන්කුක් අරගෙන ආපු රෝස මල් වල පෙති ඇගිලි තුඩු වලින් අල්ලන ගමන් ජන්කුක් දීලා ගිය කඩදාසිය  දිගේ ඇස් අරගෙන ගියා....

හදිසියේම දෙයක් මතක් වුන සාරා අතේ තිබුන දේවලුත් අරගෙන ම බැල්කනි එකට දුවගෙන ඇවිත් පහලට එබුනා...සාරාට ඕන උනේ ජන්කුක් ගේ කා එක ගියාද බලන්න..පහලට එබිලා හිටියත් අපාර්මන්ට් එකේ කා පාක් එකේ ඉදලා පිට වුන වාහන කීපය අතරින් ජන්කුක් ගේ වාහනේ මොකක්ද කියලා තෝරගන්න සාරාට පුලුවන් වුනේ නෑ.... 

රෝස මල් වල නැවුම් සුවද විදින ගමන්  ඈතක ඇස් රදවගෙන සාරා කල්පනා කලේ ජන්කුක් කියපු දේවල්, ඒ හැම වචනයක්ම තදින් හදවත ස්පර්ෂ කරනකොට අතේ ගුලි කරගෙන හිටපු කඩදාසිය දිගෑරලා කොෆි ටේබල් එක උඩින් තියලා සාරා ගේ ඇතුලට ගියේ phone එක අරගෙන එන්න...

ජන්කුක් ට කථා කරනවද නැද්ද කියන එක ගැන සාරාට හරි අදහසක් තිබුනේ නැති වුනත් අදින් පස්සේ ජන්කුකුයි තමනුයි අතර තියන බැදීම තීරනය කරන එකම දේ පරිස්සම් කරගන්න සාරාට ඕන වුනා...

ඒත්!!!
දෛවය සාරාකුක් කථාව ලියන්න තෝරගෙන තිබුනේ වෙනස් ම විදියකට....

සීතල නත්තල ඉවර වෙලා දවස් කීපයක් ගෙවිලා තිබුනත් තාමත් කඩින් කඩ වැටෙන මංමුලාවුන හිම පියලි නගරේ පුරාම තැන තැන විසිරිලා තිබුනා...

සාරා ගේ ඇතුලට ගිය ඇසිල්ලේ හෙමින් ආපු ආගන්තුක හුලං රැල්ලකින් ජන්කුක් දිලා ගිය කඩදාසිය මංමුලා හිම පියලි එක්ක ඈතට ගහගෙන ගියේ දෛවය සාරාකුක් කථාවේ පලවෙනි පරිච්ඡේදය ට කොමාවක් එකතු කරද්දි.....

Phone එක අරගෙන ආපු සාරා ගේ ඇස් කොෆී ටේබල් එකෙන් අයින් වෙලා කලබලෙන් ගේ පුරා ගියත් සාරා බලාපොරොත්තු වුන දේ දකින්න ලැබුනේ නෑ...

Phone එක බිම තියලා බිම වාඩි වෙලා ගෙබිම පුරාම පිස්සුවෙන් වගේ සාරා ජන්කුක් දිපු කඩදාසිය හෙව්වා,  ගේ පුරාම හොයලා බැල්කනි එකෙන් පහලට නැවිලත් බැලුවා....

ගෙදර නිදාගන්න ඇදගෙන හිටපු සැහැල්ලු පිජාමා කිට් එකෙන්ම පහලට ඇවිත් අපාර්මන්ට් එකේ පහල මිදුල පුරාමත් සාරා පිස්සුවෙන් වගේ පුංචි කඩදාසි ය හෙව්වා,,, තේරුමක් නැති බව දැන දැනත් සාරා හෙව්වා....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now