13

581 171 29
                                    

පැය දෙක තුනක නින්දකින් පස්සේ සාරා ඇහැරුනේ එලාර්ම් එකේ සද්දෙට,  පුරුදු විදිහටම දඩි බිඩි ගාලා ලෑස්ති වෙලා ඉක්මනින් කා එක පාරට දාගත්ත සාරා ඔෆිස් එකට ආවේ නිදිමත බේරෙන ඇස් වලින්...

උදේ වරුවම ඔලුව උස්ස ගන්න බැරි තරම් වැඩ තිබුනත් වැඩ අතරෙම ජන්කුක් ට ගුඩ් මෝනින් කියලා මැසේජ් එකක් තියන්න සාරා අමතක කලේ නෑ....

හිර වෙලා තිබුන වැඩ ටික සම්පූර්ණ කරලා අදාල තැන් වලට භාර දීල, සාරා food court එකට ආවේ කොෆී එකක් බොන්න හිතාගෙන....ජන්කුක් ගෙන් මැසේජ් එකක් තියනවද කියලා බලන ගමන් නිවිසැනසිල්ලේ  කොෆි එක තොල ගගා හිටපු සාරාගේ ඇග පුරා කොෆි එක ඉහිරිලා ගියේ සාරාගේ පිටිපස්සෙ ටේබල් එකේ හිටපු ගර්ල් කියපු දේට....

"අන්ද්වේ!!! BTS ජන්කුක් ට රිලේෂන් ෂිප් එකක් තියනවා!!! අන්ද්වේ ඒක වෙන්න බෑ!!!"

ඒ ගර්ල් සද්දෙන් කියන කොට Food court එකේ හිටපු හැමෝම ඒ පැත්ත බැලුවත් ඊලග තත්පරේ හැමෝම හිටියේ phone එකට මූන දාගෙන....

"වාව් සෝ ලව්ලි, අනේ මට නම් සතුටුයි!!! Such a beautiful couple!!!""

සාරාගේ දකුණු පැත්තේ ටේබල් එකේ හිටපු ගෑනු ලමයි දෙන්නා කියනවා ඇහෙද්දි සාරා ඒ පැත්ත බැලුවා......

"අනිවාරෙන් කුකී ව රවට්ට ගෙන වෙන්න ඇති,, ජන්කුක් කොහොමද එහෙම කරන්නේ එතකොට ආමිලා ට මොකද වෙන්නේ, මම නම් බයස්ව මාරු කරනවා "

සාරාගේ ඉස්සරහ ටේබල් එකේ හිටපු ගෑනු ලමයි ටික කසු කුසු ගාද්දි සාරා බෙල්ල හරවලා ඒ පැත්ත බැලුවා....

"Excuse me Ma'am,,, tissue..."

  Food court එකේ සේවකයෙක්  සාරා ලගට ඇවිත් කියන කොට සාරා ගැස්සුනා...වචනයක් වත් නොකියා ටිෂු එක අරගෙන ඉහිරිලා තිබුන කොෆි පැල්ලම remove කරගත්ත සාරා වෙව්ලන ඇගිලි තුඩු වලින් phone එක අතට අරගෙන එතනින් නැගිටලා වොෂ් රූම් එකට ගියේ හදවත වේගෙන් ගැහෙන කොට....

පුලුවන් තරම් ඉක්මනින් phone එක අරගෙන Twitter insta wall වල උඩ පහල යද්දී හැමතැනම තිබුන photos ටික අදුර ගන්න සාරාට බැරි වුනේ නෑ....

සාරාගේ ඉනවටේ අතදාගෙන හිටපු ජන්කුක්ගේ  මූන පැහැදිලිව පෙනුනත් සාරාගේ මූන පෙනුනේ නැත්තේ සාරා අනිත් පැත්ත හැරිලා හිටපු නිසා....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now