08

576 177 16
                                    

හවස flight එකෙන් පිටත් වුන නිසා සාරා හන්ගුක් වලට එනකොටත් පහුවදා හවස් වරුව උදා වෙලා තිබුන නිසා ආවා කියලා ජන්කුක් ට පණිවිඩයක් තිබ්බ සාරා කලේ හොදට නිදාගත්ත එක....

ප්‍රශ්නයක් හිතට වද දෙන කොට හොදට නාලා කාලා සැප නින්දක් නිදියලා ඇහැරලා අලුත් මනසකින් ඒ ප්‍රශ්නේ දිහා බලන්න සාරා පුරුදු වුනේ වේදනා දුන්න අතීතයෙන්......

කම්පැනි එකෙන් සති දෙකක් නිවාඩු අරගෙන ගිය ගමන දවස් පහකට සීමා වුන නිසා නිදහසේ හිතන්න සාරාගේ ඉස්සරහ තවත් සතියක් ම ඉතිරි වෙලා තිබුනා...

නම්ජූන් කියපු දේ වගේම කලින් දවසේ අහන්න දකින්න ලැබුන දේවල් එක්ක ජේසන් එක්ක ලේසි වෙන්නෙ නෑ කියලා හිතුනත් සාරාට බයක් වෙනුවට හිතට දැනුනේ නොරිස්සුමක්.....

හතර වටේ අදුර පහවෙලා යන්නත් කලින් ඇහැරුන සාරා බැල්කනි එකේ අත් වැටට බරවෙලා අලුපාට අහස දිහා බලාගෙන හිටියේ නැවුම් හැගීමකින්...

බැල්කනි එක පුරාම තියන රතු රෝස මල්, පෝච්චි වල පිපුන රෝස මල් වල ගැවිලා ආපු හුලගේ නැවුම් සුවද, සාරාගේ හිතට අරගෙන ආවේ නිවුනු හැගීමක්....

පිපුනු රෝස මලකට වැටුන පිනි බින්දුවක ඇස් නැවතිලා තිබුනත් සාරාගේ සිතුවිලි තිබුනේ ජන්කුක් ගාව...
ජන්කුක් හරියට ඒ දිලිසෙන පිනි බින්දුව වගේ කියලා සාරාට මොහොතකට හිතුනා..පිරිසිදුයි, නැවුම්, හිත ඇදගන්නවා....

එතකොට සාරා ඒ ලස්සන රෝස මලද???
සාරාට ඒක හිතන්න වෙලාවක් නොවුනේ මල් පෙත්ත අගින් ලෙස්සලා ගිය පිනි බින්දුව පිපීගෙන එන රෝස පොහොට්ටුවක් ඇතුලට වැටුන නිසා....

නොදැනීම සාරගේ මුවින් හුස්මක් ගිලිහෙනකොට යට තොල දත් අතරට අරගෙන සාරා සන්සුන් වෙන්න උත්සාහ කරා.....

අනාගතේ කොහොම විසදේවිද කියල සාරා දැනගෙන හිටියේ නෑ... ඒත් සාරාත් නොදැනම සාරාගේ හීත ජන්කුක් එක්ක හීන කන්දක් ගොඩ ගහගෙන....
සාරා බයයි!!!!
ආපහු සැරයක් අහිමි වීමේ වේදනාව විදින්න සාරා බයයි....
ඒත්!!!
කාටද කියන්න පුළුවන් අනාගතේ සිද්ධ වෙන දේවල්......
සාරාට තාමත් හිතාගන්න බෑ ජන්කුක් ට ආදරේ කරන හේතුව....
ඒත් සාරා ලෝබයි......
ඒ අත් අතරේ දැනෙන ආරක්ෂාවට.... ඒ උනුසුමට.....ඒ ආදරනීය ස්පර්ශය ක පවා හැන්ගිලා තියන ආදරේට....
ඒ උනුසුම් හුස්මකට පවා සාරා ලෝබයි....
හිමි කමක් තියේවිද නොහිතම සාරා ආදරේ කරනවා මුලු හිතින්ම ආදරේ කරනවා...
සමහර විට මේ ගෙවිලා යන වර්තමානේ ලස්සන මතක අනාගතේදී සාරාව ජීවත් කරයි.....දුර ඉදන් බලාගෙන සැනසෙන්න සාරාට ශක්තියක් වෙයි.....
වේගෙන් ඇහිපිය ගහලා කදුලු නවත්ත ගත්ත සාරා ගේ ඇතුලට යන්න හදද්දි phone එක රින්ග් වුනේ සාරාගේ මූන හිනාවකින් එලිය වෙද්දි.....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))On viuen les histories. Descobreix ara