09

600 169 23
                                    

නොදැනීම අවුරුද්දක් ම  ගෙවුනේ සාරාකුක් බැදීම තව තවත් ශක්තිමත් වෙද්දි ...ඉඩක් ලැබුන හැම වෙලාවකම ජන්කුක් සාරාව මුන ගැහෙන්න ආවා....
සාරාගේ අතින් හදන  රස කොෆි එකක් බීලා බැල්කනි එකේ ඉදලා ම ආගිය තොරතුරු කතා කරන ඒ හමුවීම් අවසානයේ මොහොතකට සාරාගේ තොල් අතරේ අතරමං වෙලා සමුගන්න  ජන්කුක් අමතක කලේ නෑ  ....
සාමාන්‍ය ගෑණු ලමයෙක් වගේ ජන්කුක් ගේ අතේ එල්ලිලා අයිස් ක්‍රීම් එකක් කන ගමන් ඉවරයක් නැතුව කියව කියව පාලු වීදී දිගේ ඇවිදින්න......
හිතට හරියන ඇදුමක් හම්බ වෙන කන්  ඇගට තියලා බල බල ලස්සන ද කියලා අහ අහා ඇදුම් තෝරන්න....
නිවාඩු දවසකට එලියට ගිහින් කෑම කන්න......
සාරාට කවදාවත් අවස්ථාවක් ලැබුනේ නෑ...
ඒත් සාරා ඒ ගැන දුරට හිතන්න ගියේත් නෑ....සාරාට හිතන්න ඕන වුනේ නෑ....

ඉදහිට නිවාඩු  දවසක ගේ ඇතුලට වෙලාම ඉදලා ඇති වුනාම තනියම එලියට යද්දී හන් ගග අයිනේ බංකුවක තුරුලු වෙලා ඉන්න තරුණ යුවලක් දැක්කම යන්තමට ඇස් තෙත් වෙලා ගියත් සාරා හිතට එන හැම හැගීමක් ම පුංචි හිනාවකින් හංග ගත්තා.....

සාරා දන්නවා ජන්කුක් ට එහෙම දේකට අවස්ථාවක් නෑ කියලා....

සාරා ආදරේ කලා!!
අයිතියක් තියේවිද නොහිතම ආදරේ කලා...
දවස ගානේ දුක සැප හොයලා බලන පෙම්වතුන් අතරේ,  දවස් ගනන්  ජන්කුක් ගේ  කට හඩ වත් නාහා සාරා ආදරේ කලා....
සාරා දැනගෙන හිටියා පුලුවන් හැම තත්පරේම ජන්කුක් තමන් ලගට දුවගෙන එන්න බලාගෙන ඉන්නවා කියලා....

ගෙවෙන හැම දවසකම ජන්කුක් ගේ ලොකු ඇස් ගෙදර දොර ලගින් දකින්න සාරා බලාගෙන හිටියා....

අදත් ඒ වගේ දවසක්....
බැල්කනි එකේ තිබුන උස කනුවට හේත්තු වෙලා අහසේ ඇස් අලවගෙන කල්පනාවක ගිලිලා හීටිය සාරාගේ මූනට හිනාවක් ආවේ බෙල් එක රින්ග් වෙන සද්දෙට....

විනාඩියක් වත් පරක්කු නොවී සාරා දොර ලගට දුවගෙන ගියා...

"කුක්...."

"බලාගෙන හිටියද නූනා"

ගේ ඇතුලට එන ගමන් කකුලෙන් දොර තල්ලු කරලා සාරාව හග් කරලා නලලට හාදුවක් තියන ගමන් ජන්කුක් අහද්දි, මූන උස්සලා ජන්කුක් දිහා බලලා හිනාවුන සාරා කිචන් එකට ගියා....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now