15

562 168 40
                                    

දවස් ගෙවිලා ගියේ සාරා ටිකෙන් ටික අලුත් හදගැස්මත් එක්ක ජීවතේ ඉස්සරහට අරගෙන යන්න පුරුදු වෙද්දි... දවසින් දවස ජීවිතේට අලුත් බලාපොරොත්තු එකතු වෙද්දි සාරා හරි ආදරෙන් අලුත් අමුත්තා වෙනුවෙන් මග බැලුවා....

සතිය දෙක එකතු වෙලා නොදැනීම මාස හතරක් ගෙවිලා ගියා... මුන ගැහෙන්න ආවේ නැතත් දවස් දෙක තුනකට සැරයක් නොවරදවාම වීඩියෝ කෝල් එකකින් සාරා එක්ක කථා කරලා දුක සැප හොයලා බලන්න ජන්කුක් අමතක කලේ නෑ....

ඒ හැම වෙලාවකම ජන්කුක් ට වෙනසක් නොදැනෙන්න සාරා පරිස්සම් වුනා... යන්තමට ඉදිරියට ආපු පුංචි කුස උවමනාවෙන් බැලුවොත් ඇරෙන්න කාටවත් නොපෙනුනත් ශරීර ප්‍රමානය ට වඩා ලොකු ඇදුම් අදින්න සාරා පුරුදු වුනේ කාටවත්ම සැක නොහිතෙන්න.....

පුලුවන් තරම් කාලයක් රැකියාව කරලා ටික කාලේකට රැකියාවෙන් අයින් වෙන්නයි සාරා බලාපොරොත්තුවෙන් හිටියේ.... ජීවිතේ හරි පරිස්සමින් ගෙවපු නිසාම සාරා ප්‍රමානවත් තරම් සල්ලි අනාගතේ වෙනුවෙන් ඉතිරි කරලා තිබුනා...

තවත් අවුරුදු දෙක තුනකට ජන්කුක් ට තමන්ව මුන ගැහෙන්න එන්න වෙන එකක් නෑ කියලා සාරා හිතුවා, ඒ නිසාම ගෙවල් මාරු කරලා යන්න ඕන කමක් සාරාට තිබුනේ නෑ,, දැනටමත් සාරාගේ අල්ලපු ගෙදර මිසිස් ලුවිස් සාරා ගැන හැමදේම දන්න නිසා සාරාට ඕන වුනේ නෑ ගෙවල් මාරු කරලා ගිහින් උදව්වට ඉන්න එකම අසල්වැසියාගෙනුත් දුරකට යන්න....

ඒත්....
හැමදාමත් වගේ ජීවිතේ සිද්ධ වෙන්නේ අපි අනුමාන කරන දේවල්ම නෙවෙයි කියන එක සාරාට අමතක වුනා....බලාපොරොත්තු නොවුන මොහොතවල් වල බලාපොරොත්තු නොවුන දේවල් කරලා ජීවිතේ හැමදාමත් අපිව පුදුම කරවනවා......

වෙනදට වඩා ඇගට දැනෙන තෙහෙට්ටුව වැඩි නිසාම සාරා ඔෆිස් ඇරිලා ගෙදර එන්නේ ඉක්මනින් නිදාගන්න බලාගෙන...ඔෆිස් ඇරිලා ගෙදර එන අතරමග ජන්කුක් ගේ නමින් colourup කරපු බස් එකක් දැක්කම සාරාට මතක් වුනා දැන් මාස හතරකින් ජන්කුක් ව මුන ගැහුනේ නෑ කියන එක....ඒ වගේම තව අවුරුදු ගානකට ආපහු ඒ උනුසුමට ගුලි වෙන්න අවස්ථාවක් නෑ කියලා මතක් වෙද්දි නොදැනීම සාරාගේ මුවින් සුසුමක් ගිලිහුණා.....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now