12

576 170 16
                                    

කල්පනාවක අතරමං වෙලා හිටපු සාරා ගැස්සුනේ phone එකේ සද්දෙට,  නොදැනීම ඇස්වලට උනලා තිබුන කදුලු උරහිසේ පිහගෙන phone එක කනට තෙරපගත්තු සාරා උගුර පාදන කොට එහා පැත්තෙන් ජන්කුක් ගේ කටහඩ ඇහුනා...

"නූනා මං ආවා"

"ආහ් ග් හා හරි කුක් "

"  යාආ  යාආ නූනා හ් අඩනවද?"

"ආනියා කුක් පොඩ්ඩක් හුලං වැදුනා ඒකයි!"

"බොරු!!"

"ඇත්ත කුක්!! ඔයාට ප්‍රශ්නයක් වුනේ නෑ නේද?"

"ම්හ් නෑ නූනා පරිස්සමට ඉන්න, මං ඉක්මනින් ආය දවසක එන්නම්,  pls නූනා බොරු දේවල් හිතලා තනියම අඩන එක නවත්තන්න "

මොහොතකට නිහඩ වුන ජන්කුක් ගේ වෙව්ලන කටහඩ සාරාගේ හිතට අමුත්තක් අරගෙන ආවා...

"කුක්!! හැමදේම හොදින් නේද?"

"හැමදේම හොදින් නූනා,  නූනා පරිස්සමට ඉන්න  මං ඉක්මනින් ආපහු එනකම් "

"මං හොදින් කුක්,  ඔයා ප්‍රශ්න ඇති කරගන් නැතුව ඉන්න,  "

"ආදරෙයි නූනා!!"

"ආදරෙයි කූ!!

හැමදේම හොදින් කියලා සාරා එක්ක  සංවාදේ  අවසාන කරත් ජන්කුක් ට කිසිම දෙයක් හොද වුනේ නෑ...

කලින් දවසේ ජන්කුක් ගේ වාහනේ සාරගේ අපාර්මන්ට් කා පාක් එකේ තියනවා ස්ටාෆ් එකේ කෙනෙක් දැකලා තිබුනා,,, අවුරුදු කීපයකට කලින් ජන්කුක් එක්ක ඇතිවුන පරන හිත් අමනාප කමට එකට එක කරන්න ලැබුන චාන්ස් එක අතැර ගන්නේ නැතුවම පුලුවන් ඉක්මනින් PD නිම්ව මේ ගැන දැනුවත් කරන්න ඒ කෙනා දෙපාරක් හිතුවේ නෑ....

ඒ වෙලාවේ ම PD nim නම්ජූන් ට කථා කරලා ජන්කුක් කොහෙද කියලා ඇහුවත් ජන්කුක් නිදි කියලා නම්ජුන් ප්‍රශ්නේ මග ඇරියා,ඒත් අවදානමක් ගන්න බැරි නිසාම  යුන්ගි කියපු විදියට   උදේම ටේමින් දෙන්නා ජන්කුක් ව එක්කන් එන්න එවන්න නම්ජූන් අමතක කලේ නෑ...

හැමදේම අවුල් වුනේ ජන්කුක් ටේමින් දෙන්නා ඩෝම් එකට එන්නත් කලින්ම PD nim ඩෝම් එකට ආපු නිසා.. තාමත් ජන්කුක් ගේ වාහනේ අදාල අපාර්මන්ට් කා පාක් එකේ තියනවා බලාගෙන ඇවිත් තිබුන PD nim ඩෝම් එකට ඇවිත් ජන්කුක් කොහෙද අහනකොට නම්ජූන් ට දෙන්න උත්තරයක් තිබුනේ නෑ.....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now