05

742 205 15
                                    

සාරා හිටියේ සතුටින්...ජන්කුක් ගෙන් ලැබුන ආදරනීය උනුසුම් හාද්ද සාරාට ආයේ ආයේත් මතක් වුනා....
කථා කරේ පුංචි වචන කීපයක් උනත් වීදිය කෙලවරේ තිබුන අතහැරලා දාපු උද්‍යානේ බංකුවක වාඩි වෙලා ජන්කුක් ගේ හදවත ගැහෙන හඩ අහගෙන හිටපු හෝරා කීපය සාරාගේ ජීවිතේ ලස්සන ම හෝරා කීපය උනා...
ආදරේ ගැන හිතේ ඇතිවෙලා තිබුණ හැම වේදනා කාරී මතකයක්ම සාරාගේ හිතෙන් මකලා දාන්න ඒ හෝරා කීපය ට පුලුවන් වුනා....

තමන් ඉන්නේ  අවුරුදු පහලවක දහසයක පුංචි කෙල්ලෙක් වගේ හීන බල බල ඉන්න පුලුවන් වයසක නෙවෙයි කියලා සාරාට අමතක වුනා....

පාන්දර වෙනකන් ම උද්‍යාන බංකුවේ වාඩි වෙලා හඳ එලිය වැටිලා දිලිසෙන පාලු මිටියාවත දිහා බලාගෙන සාරා කුක් දෙන්නා එකිනෙකා ගේ හදගැස්ම අහගෙන හිටියා....

"දන්නවද කුක් මං හරියට මේ පාලු වෙලා තියන මිටියාවත වගේ "

"එතකොට මං කවුද නූනා "

"ඔයා!!ඔයා තමයි අර අහසේ තියන හඳ, හඳ නැති වුන දවසට මිටියාවත අදුරේ ගිලෙනවා කුක් "

"නෑ නූනා මට හඳ වෙන්න ඕන නෑ, හඳට කවදාවත් මිටියාවත ලගට එන්න බෑනේ , "

"ඒත් ඒ දෙන්නා එකිනෙකා අදුරනවා කුක්,  එයාලට පුලුවන් හැමදාටම එකිනෙකා දිහා බලාගෙන ඉන්න,  මිටියාවත ට පුලුවන් හැමදාකම හඳ එනකම් මග බලන්න "

" මිටියාවත ට බලාගෙන ඉන්න වෙන එකක් නෑ නූනා,  හඳ අහස අතෑරලා මිටියාවත ලගට එයි,එතකොට එයාලා දෙන්නට පුලුවන් මුලු මිටියාවතම මල් වලින් පුරවන්න "

ජන්කුක් ඈත බලාගෙන කියන කොට සාරා ඉක්මනින් ජන්කුක් ගේ අත් අතරින් මෑත් වෙලා ජන්කුක් දිහා බැලුවා...

"කුක්!!!"

"ම්වෝ මං කිව්වේ හඳයි මිටියාවතයි ගැන නූනා කලබල වෙන්නේ ඇයි?"

සාරා තොල් තද කරලා හිනා ව හංගගෙන ජන්කුක් දිහා බලාගෙන ඉද්දි බෝල ඇස් හීනී කරගෙන ජන්කුක් හාවෙක් වගේ හිනා වෙන්න ගත්තා...

ඉර එලිය යන්තමින් ජනෙල් කවුලු වලට වැටුනත් සාරාට ඇදෙන්  නැගිටින්න ඕන කමක් තිබුනේ නෑ,  පාන්දර ජන්කුක් සාරාගෙන් සමුගත්තේ හන්ගුක් වලට යන්න කලින් තව එක සැරයක් මෙහෙදි මුන ගැහෙන්න පොරොන්දු වෙලා....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now