පසුවදන

857 204 81
                                    

After 30 years.....

සීත ඍතුවේ ආරම්භක දින කීපය නිසා ම අලු පාට පරිසරය පුරා විසිරිලා තිබුන සියුම් සීතලත් එක්ක විශාල විසිත්ත කාමරේ ගිනි උදුන ලග වාඩි වෙලා කොෆී එකක් තොල ගාන ගමන් ජනේලෙන් එපිට වැටෙන හිම පියලි දිහා බලාගෙන ජීවිතේ සැදෑ සමය ගෙවන ගමන් හිටපු සාරායි ජන්කුක් යි හිටියේ   අතීත මතක අතරේ අතරමං වෙලා.

අහම්බෙන් මුන ගැහිලා එකතු වෙලා යන්න පටන් ගත්ත ජීවන ගමනට තැනිතලා වගේම කදු පල්ලම් වලිනුත් අඩුවක් වුනේ නෑ..... සුමට නිදහස් මාර්ග වගේම ගල් බොරලු පිරුන කටුක මං තලාවලත් ඇවිදගෙන ඉස්සරහට ආපු මේ ජීවන ගමනේ මග වැරදුන හැම මොහොතකම පහන් තරුවක් වගේ සාරා ජන්කුක් ගේ ලගින් ම හිටියා....

වැටුන හැම මොහොතකම අත් වාරුවක් වෙලා..... විඩාවට සිහිල් සුලං රැල්ලක් වෙලා..... පිපාසයට සිසිල් දිය පොදක් වෙලා හැම අමාරු අවස්ථාවකම සාරා ජන්කුක් ලගින් හිටියා......

BTS  disband වෙලා මේ වෙනකොට දශක දෙකක් ගෙවිලා ගිහින්... ඒත් ඒ ආදරනීය මතක තාමත් ඒ විදියටම සාරා කුක් හදවත් වල වගේම ආමිලාගේ හදවත් වලත් ජීවමානයි.....

අවුරුද්දකට වතාවක් හැම ජූනි දහතුන් වෙනිදාවකම එකිනෙකා මුන ගැහිලා ආදරනීය හෝරා කීපයක් ගත කරන්න ජීවිතේ සැදෑ සමය ගෙවන ආදරනීය සහෝදරයෝ හත් දෙනා අමතක කරන්නේ නෑ.....කාලය කොච්චර ගෙවිලා ගියත් ලේ බැදීම් වලින් එහාට ගිය සංසාර පුරුද්දට මුන ගැහුන  ඒ ආදරනීය  සහෝදර බැදීම් තාමත් ඒ විදියට ම ශක්තිමත් ව තිබුනා.....

ආදරේ පොරොන්දුව හරි පරිස්සමට රැක ගත්ත ආදරනීය ජෙනී.... තමන්ගේ පලවෙනි ආදරේ හරි ආදරෙන් හිත ඇතුලේ පරිස්සම් කරපු ජෙනී.... ඒ ආදරේ වෙනුවෙන් තමන්ගේ යුතුකමත් ඉෂ්ඨ කරලා මීට දශකයකට කලින් සදහටම ඇස් පියා ගත්තේ සාරාගේ ඇස් මානේමයි....

ගුකී...... සාරාගෙයි ජන්කුක් ගෙයි ආදරේ ජීවමාන ප්‍රතිමූර්තිය......
ජන්කුක් ගේ ආදරනීය හිත නිවන කටහඩ උපතින්ම අරගෙන ආපු ගුකී සෝලෝ ආටිස්ට් කෙනෙක් විදියට සංගීත ජීවිතේ පටන් ගත්තා.... ඒ හිත නිවන ආදරනීය කටහඩ වගේම ජන්කුක් ගේ තරුණ කාලේ ප්‍රතිමූර්තියක් වුන රූපේත් එක්ක මේ වෙනකොට ගුකී  ලෝක ප්‍රසිද්ධ අයිඩල් කෙනෙක්!!!

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now