20

873 191 58
                                    

ඉක්මන් අඩි තියලා තරප්පු පෙළ පියමන් කරපු සාරා විසිත්ත කාමරේට එනකොට,  උස කවුච් එකේ වාඩි වෙලා හිටපු නම්ජූන් ඇස් උස්සලා සාරා දිහා බැලුවා... ඒත් එක්කම නම්ජූන් ට එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු හේසොකුත් සාරා දිහා බලලා හිනා වුනා....

ඒත් සාරාගේ ඇස් කලබලෙන්  විසිත්ත කාමරේ පුරා කැරකුනේ බලාපොරොත්තු වුන රූපේ ඇස් වලට අහුවුනේ නැති නිසා....

"ජන්කුක් ආවේ නෑ සාරා!!!"

සාරා ගේ ඇස් බැල්ම තේරුන නම්ජූන් කියද්දී සාරාගේ කම්මුල් රෝස පාටට හැරුනා... මොහොතකට තමන් හැසිරුණේ බොළඳ පුංචි කෙල්ලෙක් වගේ නේද කියලා මතක් වෙලා සාරාට තමන් ගැනම ලැජ්ජා හිතුනා....

අවුල් වෙලා තිබුන කොන්ඩ කැරලි ටික අතින් පිටි පස්සට කරන ගමන් සාරා නම්ජූන් දිහා බලලා හිනා වුනා.... විසිත්ත කාමරේ පුරාම මොහොතක නිහැඬියාවක්  රජ කලේ කථාව පටන් ගන්නේ කොහොමද කියලා සාරාට වගේම හොබී ජූන් දෙන්නටත් අදහසක් තිබුනේ නැති නිසා....

ඒත් එක්කම හිනා වෙන ගමන්  එතන්ට ආපු මිස් එවන්ස් දිහා බලපු සාරා ,,,

"අහ් ජෙනී මේ කුක් ගේ හෙයොන්ග් ලා දෙන්නෙක්,  මං ජෙනී ට කියලා තියෙනවා නේ....."

"කුක් ගේ සාරා කැමතිම හෙයොන්ග්!!! එහෙමනේ....."

නම්ජූන් දිහා බලලා  හිනා වෙන ගමන් මිස් එවන්ස් කියද්දී, සාරාගේ කම්මුල් ආපහු සැරයක් රෝස පාට වුනා....

"ආනියා... ජෙනී මං එයාලා හැමෝටම කැමති,  ඒත් නම්ජූන් ෂීට මං ගොඩක් ගරු කරනවා මං විතරක් නෙවෙයි අපි හැමෝම නේද හේසෝක් ෂී!???"

"අනිවාරෙන් සාරා!!"

සුපුරුදු හිනාවෙන් හේසෝක් කියන කොට, අතේ තිබුන රින්ග් එක කරකවන ගමන් ඔලුව උඩ පහල වනපු නම්ජූන් ගේ මූන හැමදාම වගේ   නිහතමානී ඩිම්පල් හිනාවෙන් එලිය වුනා ......

"මං රස්නෙන් බොන්න දෙයක් අරගෙන එන්නම් "

හැමෝම දිහා බලලා හිනා වුන මිස් එවන්ස් කිචන් එකට යද්දි,  ඇගිලි පටල ගෙන බිම බලාගෙන හිටපු සාරා ලොකු හුස්මක් ඉහල පහල දාලා නම්ජූන් දිහාවට හැරුණා.....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now