10

647 172 13
                                    

දවස් ගෙවුනේ ජන්කුක් ගොඩක් කාර්යබහුල කරලා.. රෑ දොලහත් පහුවෙනකන් සමහර දවසට ජන්කුක් ගේ මහන්සි පාට කටහඩ අහන්න සාරා බලාගෙන හිටියා...කොච්චර මහන්සි වුනත් නිදා ගන්න කලින් සාරා එක්ක වචනයක් කථා කරන්න ජන්කුක් අමතක කලේ නෑ....

මුලු දවසම ටයිම් ටේබල් එකකට වැඩ කරන ජන්කුක් ට දවල් වරුවේ සාරාට කථා කරන්න වෙලාවක් තිබුනෙ නෑ,,,සාරා ඒක දැනගෙන හිටියා.. අනාගතේ දවසක නිවී සැනසිල්ලේ ජන්කුක් ලග ඉන්න දවස් ගැන හිතලා සාරා හිතට දැනෙන පාලුව අමතක කරලා දැම්මා....

ඒත්...
සිතුවිලි වලට වැට බදින්න කාටද පුලුවන්...
දවල් දවසම රැකියාවත් එක්ක කාර්ය බහුල වුනත් තනිවෙන හැම වෙලාවකම සාරාගේ සිතුවිලි ජන්කුක් ලගට ඉගිලුනා...

සාරාට ඕන වුනේ නෑ පුංචි කෙල්ලෙක් වගේ දුක් වෙවී කාලේ ගෙවන්නවත්  ජන්කුක් ට කරදර කරලා තමන්ව බලලා යන්න එන්න කියන්නවත්....
ඒත්  සිතුවිලි දුර යන එක නවත්තන්න සාරාට පුලුවන් වුනේ නෑ... අනාගතේ අවිනිශ්චිත නිසාම හීන දකින් නෑ කියලා හිතුවත්, ජන්කුක් ගේ හෙවනේ ගෙවන අනාගතේ දවස් ගැන තනිවුන හැම වෙලාවකම සාරා හීන දැක්කා,, නොදැනීම මූනට හිනාවක් ගේන ඒ හීන වලට සාරා ආදරේ කලා... හැමදාටම ඒ හීන අස්සේ හැංගිලා ඉන්න බොළඳ ආශාවක් හිතට එනකොට නොදැනීම සාරාගේ මුවින් සුසුමක් ගිලිහුණා....

මිනිස්සු ආසයි හීන ලෝක වල ජීවත් වෙන්න!! සැබෑවක් වේවිද නොදැනම හැමෝම අනාගතේ ගැන ලස්සන හීන දකිනවා!!සාරාත් එහෙමයි!! තනිවුන හැම මොහොතකම නොදැක්ක අනාගතේ ගැන ලස්සන හීන ලෝකෙක ජීවත් වෙන්න අසීමිත පාලුව සාරාට බලකරනවා....

කල්පනාව දුර ඇදෙන එක නවත්ත ගන්න සාරා කියවන්න පුරුදු වුනා.....
          
රෝස මල් සුවද අරගෙන එන සීතල වසන්ත හුලග කෙහරැලි ඉහිරවගෙන හමද්දි සාරා ආයේ ආයේම විසිරෙන කෙහෙරැලි අතින් හදන ගමන් අතේ තිබුන සගරාවේ අකුරු පේලි දිගේ ඇස් අරගෙන ගියා....

අලුපාට අහස වැස්සක පෙරගමන් කියන කොට සුදු පාට ජනෙල් තිර වේගෙන් එහා මෙහා උනත් සඟරාව සාරාගේ සම්පූර්ණ අවදානේ හොරකම් කරලා තිබුනා..

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now