18

590 175 63
                                    

වැටුන වැටුන තැන් වල නිදාගෙන හිටපු කොල්ලෝ තුන් දෙනා රෑ මැද්දේ ඇහැරුනේ එක සැරේටම ඇහුන ලොකු සද්දෙකින්.....
කලබලේට එක සැරේටම වෙන්නේ මොකක්ද කියලා නොතේරුනත් සිහි එලව ගත්ත පලවෙනි තත්පරේ තුන් දෙනාම බැල්කනි එකට දුවගෙන ගියේ සද්දේ ඇහෙන්නෙ බැල්කනි එකෙන් නිසා.....

ලස්සනට පිලිවෙලට තිබුන බැල්කනි එකට වෙලා තිබුන දේ දැක්කම තුන් දෙනාම එතනම ගල්  ගැහුනත් ගැස්සිලා පියවි සිහියට ආවේ ජන්කුක් අවසාන මල් පෝච්චියත් බිදලා දැම්මට පස්සේ.....

හැම තැනම විසිරිලා තිබුන බඩු වලින් ,බිදිලා විසිරිලා ගිය මල් පෝච්චි වලින්,  ලස්සන ට තිබුන    මුලු බැල්කනි එකම හැඩි වෙලා.... හරියට ජන්කුක් ගේ හිත වගේ.... ඊයේ වෙනකන් සාරා ජන්කුක් ගේ හිතේ හරි පරිස්සමට ඇවිද්දා... ඒත් එක මොහොතකින් සාරා ඒ හැමදේම හැඩි කරලා දාලා යන්න ගිහින්...

වුනේ මොකක්ද, වෙන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරි විදියට ජන්කුක් අතරමං වෙලා.... හරි පරිස්සමට හිත ඇතුලේ ම හංගගෙන  විදපු ආදරේ  විදවන්න ඉතිරි කරලා සාරා යන්න ගිහින්.......

රෝස කටු වලට සීරුන අත් දෙකෙන් ලේ බිංදු මතු වෙද්දි තේහයුන්  බිම වාඩිවෙලා හිටපු ජන්කුක් ලගින් පාත් වුනා....

"ජනකුකී මොකද මේ....අපි  හොයලා බලමු සාරා කොහේද ගියේ කියලා, "

"හොයලා බලන්න දෙයක් නෑ ගියා නම් ගිය විදියට ඉන්න කියනවා ඇරෙන්න "

තේහයුන් දිහා බලලා කියපු යුන්ගි ජන්කුක් ලගින් බිමට නැවිලා ජන්කුක් ගේ ඔලුවට නලල හේත්තු කරගෙන අනිත් අතින් කොල්ලගේ ඔලුව පිටිපස්ස අත ගාද්දි ජන්කුක් යුන්ගිගේ උරහිසේ මූන හංග ගත්තා....
යුන්ගි ට සාරා එක්ක තරහයි!!!! නොපෙන්නුවාට යුන්ගි කොල්ලෝ  හය දෙනාට ගොඩක් ආදරේ කලා... ඒ අතරින් යුන්ගි  ජන්කුක් ව දැක්කේ තාමත් අවුරුදු දාහතරේ පොඩි කොල්ලා විදියටමයි.  විනාඩි පහක් එක විදියට ඉන්න බැරි ජන්කුක් ගේ දඟ වැඩ වලට යුන්ගි කවදාවත් තරහා නොගන්නේ ඒ නිසාමයි... එහෙම එකේ අද ජන්කුක් මේ ඉන්න තත්වේට වග කියන්න ඕන සාරා කියලා දන්න නිසා යුන්ගිට සාරා එක්ක තරහයි!!!

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now