ඍතු...1

4.9K 365 58
                                    

ඍතු....1
( ගිම්හානය)

"පෙරුම් පුරාගෙන ආ සංසාරේ

පැතුමද සුනු විසුනුව වැටුණේ

කාටද රිදුණේ කවුරුද හැඬුවේ

දුම්රිය මොහොතක් නතර වුණේ...

වරක් නෙතග කදුළැලි පිරුණාදෝ

සිතට දරාගනු බැරි දුක් වීදෝ....//

දිවිය මොන තරම් සුන්දරදෝ

දුකම කොයි තරම් සතුටක්දෝ...

පෙරුම් පුරාගෙන ආ සංසාරේ...//

  යාන්තමට වාහන වලින් පිරුනු පාරෙ කොනකින් ආව ඒ තාලය හිමිට පරිසරේ මුහු වෙලා යද්දි කාසි ගොඩක් යටට තවත් කාසි වැටෙන සිරි සිරි හඩ අතරින් ගිටාර් එකේ තත් ආයිමත් පිරිමදින ගමන් ගිටාර්  එක අතටකට අරගෙන ගිටාර් එකෙ කවරෙ ලගට පාත් වුන  මම එහෙ මෙහෙ විසික් වෙලා තිබ්බ මාරු කාසි එක්ක රුපියල් විස්සෙ පනහෙ කොල ටික එකතු කරල ගනන් නොකරම මගෙ සයිඩ් බෑක් එකට ඔබාගත්තෙ යාන්තමින් දැනෙන බඩගින්න නොසලකා හරින ගමන්...

ගිටාර් කවරෙ එකතු වෙලා තිබ්බ සල්ලි ටික අයින් කරල මන් ඒකට අතේ තිබ්බ ගිටාර් එක දාල ඒකෙ ශිප් එක වහන ගමන් පරිස්සමින් ඒක උස්සල කරේ එල්ල ගත්තෙ මට මේ ලෝකෙ ඉතිරි වෙලා තියන වටිනම දේවල් වලින් එකක් වෙච්චනිසා..

ගිටාර් එක එල්ලගෙන ආපහු මන් අතේ තිබ්බ ෆෝන් එකෙන් වෙලාව බලාගත්තා..

9.27..
මන් මගෙ හිතින්ම එහෙම කියාගන්න ගමන් පාරෙ අනික් පැත්තට හැරිල ඇවිදින්න පටන් ගත්තේ ගෙදර යන්න හිතන්..
..............................................................

ජීවිතය කියන්නෙ අමුතුම තරගයක් කියල මට දැනෙන්න පටන් ගත්තෙ මන් ගොඩාක්ම පුංචි කාලෙ ඉදල...
හැමෝම කියන්න වගේ අම්ම තාත්ත නැති වෙච්ච අනාතයෙක් වෙච්ච නිසාමද මන්ද ජීවිතයේ තියන අමාරුකම් වගේම නොලැබීම් කියන දේ මම හොදටම විදල තියනව...

අනාගතේ පිහිට වෙන්න කවුරුත්ම නෑ කියල දන්න නිසා පුලුවන් උපරිම හොදින් ඉගෙන ගත්තත්.. උසස්පෙලින් පස්සෙ ඉස්සරහට ඉගෙන ගන්න විදිහක් මට ලැබුනෙ නැත්තෙ මගෙ නොලැබීම ආයි කියන්න වගේ.. මොකද උසස්පෙල පාස් වෙලා කැම්පස් යන්න වත් කෝස් එකක් කරන්න වියදම් කරන්න වත් මට කවුරුත් ඉදියෙ නෑ ඒක නිසාම පුලුවන් හැම මොහොතකම මන් ලැබෙන පොඩිම රස්සාවක් හරි කරල මන් මගෙ අත්දැකීම් හදාගන්න ගමන් රජයෙන් නොමිලේ කරන්න පුලුවන් කෝස් දෙක තුනක් කරල යාන්තම් රස්සාවක් කරන්න සුදුසුකම් හදාගත්තා...
ඒක නිසාමද මන්ද මාත් එක්කම ලමා නිවාසෙ ඉදපු අනික් ලමයි නිවාසෙන් අයින් වෙලා රස්සා වලට යද්දි මට මන් ඉදපු ලමා නිවාසෙම වැඩ කරන්න චාන්ස් එක ලැබුනෙ...

ඍතු ...Where stories live. Discover now