ඍතු....36
(වසන්තය...)මම ජීවිතේ කවදාවත් ඒ තරම් තද නින්දක් නිදාගෙන නෑ.. දුලාන් අයියට තුරුල් වෙලා
ඒ උනුහුමට ලන් වෙලා ගෙවෙන ඒ හැම තත්පරයකම දැනුන ඒ නිදහස නිසාමද මන්ද මන් ගොඩාක් සැනසීමෙන් නිදාගත්තා..
නින්ද යනකම්ම විටෙන් විට දුලාන් අයියගෙන ලැබෙන උනුහුම් හාදු නිසා මට දැනුනෙ මගෙ හිතම පිරිල ගිහිල්ල වගේ
එලියෙ වහින වැස්සත් එක්ක හමන හුලං හඩ එක්ක තව තවත් දුලාන් අයියගෙ පපුවට තුරුල් වෙද්දි දැනෙන ඒ හැගීම් ගැන මට විස්තර කරන්න තේරුනේ නෑ...බැරි වෙලාවත් අයිය අපි දෙන්න මෙහෙම තුරුල් වෙලා ඉන්නව දැක්කොත් මොනා වෙයිද කියල වෙලාවකට මට හිතුනත් තවත් විනාඩියල් යද්දි මට දැනුනෙ මට ඒ ගැන කිසිම බයක් වත් පසු තැවීමක් නෑ කියල.. රවීන් අයිය ප්‍රභූ අයියගෙ උන්හුමට ලන් වෙනව වගේම තමා මම දුලාන් අයියට ලන් වෙන එක එහෙම එකේ මන් මොකට බය වෙන්නද..මම එහෙම හිතන ගමන් අයියගෙ ඇගට තව ටිකක් තද වෙන්න හේත්තු වෙලා ලොකු හුස්මක් හෙලුව..
උදේ මම නැගිට්ටෙත් ඒ රෑ දැනුන උනුහුම එහෙමම විදින ගමන්මයි.. ඒත් මම වෙනුවට දුලාන් අයිය මට හේත්තු වෙලා ඉදියෙ එයාගෙ ඇස් ලස්ස්නට පියවෙලා තිබ්බ.. ලොකු සැනසිලි දායක හිනාවක් ඒ මූනෙ මම දැක්ක..
මට ඒ මූනෙන් ඇස් අහකට ගන්න හිතුනෙම නෑ.. ජීවිතේ මම මගෙම කියල ආදරයක් ලග උදෙන්ම අවදි උන පලවෙනි මොහොත ඇත්තටම කියාගන්න බැරි තරම් හැගීම් ගොඩක් හිතේ එකතු කරල කියල මට දැනුන..ඒ වගේම
තනියම ජීවත් වෙලා එක පාරටම අපි තව කෙනෙක්ට අයිති වෙලා ඒ කෙනාගෙ ජීවිතේ කොටසක් වෙන එක ඒ වගේම එහෙම අයිති වෙන කෙනාගෙ හැම දේටම අපි පුරුදු වෙන්න එයා වෙනුවෙන් අපේ සමහර පුරුදු වෙනස් කරන එක.. ඉස්සර ඒ හැම ඒම මට පොතක කියවපු දේවල් විතරයි ඒත් දුලාන් අයිය ලග ඇහැරුන මේ මොහොතෙ මට දැනුනෙ මට ඒ ඕනම දෙයක් කරන්න පුලුවන් වගේ... මට ඕනි උනේ දුලාන් අයියගෙ මූනෙ තියන ඒ සැහැල්ලු නිවුන පෙනුම හැමදාම තියෙනව දකින්න.. ඒ ආදරේ හැමදාම විදින්න.. මැරෙන තුරාවටඑයාගෙ උනුහුමේ එතිල හැමදාම උදේට අවදි වෙන්න.. හැමදාම එයා මගෙ නලලට දෙන හාදුවකින් ඇස් පියාගන්න.. ජීව්තේ පලවෙනි වතාවට ගොඩක් හීන නොදැකපු මම මේ විදිහට අනාගතේ ගැන හීන දකින එක ඇත්තටම මාව පුදුම කෙරෙව්ව කියල මට හිතුන..ඇත්තටම ඉස්සර අර පාලු ගෙදර ජීවිතේ ගැටගහගන්න දගලපු ආකාශ්ට වඩා ඇත්තටම මම මේ දුලාන්ගෙ තුරුල්ලෙ ඉන්න ආකාශ්ට ගොඩක් ආස කරා.. ඇත්ත මට ගොඩාක් වේදනා විදින්න උනා මේ මොහොත වෙනකම්. මට ගොඩක් දේවල් නැතිවුනා.. සමහර දේවල් අතාරින්න උනා.. ඒත් ඒ හැම දේම මට ආයි කරන්න උනොත් මම ආයි කරනව... මොකද මට මේ ලැබිල තියන දේවල් ඒ දුකට වේදනාවට වඩා මට වටින නිසා..