ඍතු ....10

1.3K 257 33
                                    

ඍතු......10

(ගිම්හානය..)

මාව කවුරු හරි තද කරල අල්ල ගන්නව දැනෙද්දිම මන් මගෙ උපරිම ශක්තිය දාල ඒ කෙනාගෙන් ඈත් උනේ හිතන්නෙත් නැතුවම..
මන් දන්නෙ නෑ ඇයි කියල ඒත් මට දැනුන ඒ කෙනාගෙන් පුලුවන් තරම් ඈත් වෙන්න ඕනි කියල.. මන් දගලපු විදිහට එතනම තිබ්බ ගිටාර් දාල තිබ්බ බෑග් එකත් බිම වැටෙනව මන් යාන්තමට දැක්ක ඒත් මගෙ අවදානෙ තිබ්බෙ මාව අල්ල ගත්ත කෙනා කවුද කියලයි...

" සුදු කොල්ල...උබව මට අද ආයි හම්බ උනානෙ..."
ටිකක් මැදි වයසෙ වගේ මනුස්සයෙක් මගෙ ඉස්සරහ ඉදන් මන් දිහා මහ අමුතු කෑදර කමකින් වගේ බලන් ගමන් කියද්දි මට ඒ මනුස්සයගෙ ලගින් ආද සැර අරක්කු ගද හොදටම දැනුන..
ඒත් එක්කම තමා මතක් උනේ මේ මනුස්සයාව මීට කලිනුත් මට හම්බු වෙලා තියනව මෙහෙදිම කියල..
මීට සති දෙකක්ට විතර කලින් ඇගේ හැප්පිලා කෑ ගැහුවෙඒ මනුස්සයමයි...

" මොකද් බන් ඔහොම බලන්නෙ වරෙන්කො ලගට.."

එහෙම කියන ගමන් අර මනුස්සය මගෙ ලගට එද්දි මන් ආපහු ඒ මනුස්සයගෙන් ඈත් උනේ එන පොට හොද නෑ වගේ දැනුන නිසා...

" ඔහොම ඉදපන්කො සුදූ කොහෙද යන්නෙ උබ දන්නවද දවස් කීයක් මන් උබව තනියම අල්ල ගන්න බලන් ඉදියද කියල..එදා උබව දැක්ක දවසෙ ඉදල මට නින්ද යන්නෙ නෑ බන් උබව මතක් වෙනව..."

ඒ මනුස්සය වෙරි මරගාතෙ කියද්දි මට හිතුන පැනපු ගමන් හොම්බට දෙකක් අනින්න ඒත් මට මේ ජොබ් එක වටිනව.. මේ ඉන්නෙ හොටෙල් එකෙර් කස්ටමර් කෙනෙක් ඒක නිසා හොටෙල් සීමාවෙ ඉන්නකම් මට මාව පාලනේ කරගන්නම වෙනව..

" සොරි සර් සර්ට නින්ද යන්නෙ නැත්තම් දොස්තර කෙනෙක්ව චැනල් කරල බේත් ගන්න .."

"උබ තමයි කොල්ලො හොදම බේත මොකද කියන්නෙ පොඩි ෆන් එකක් ගමුද..."

ඒ මනුස්සය වැනි වැනි කියද්දි මට පුදුම තරහක් තමා දැනුන..

" සර් ඔයා හොදටම බීල කරුනාකරල ගෙදර යන්න ඒ මිනිස්සු බලාගෙම ඇති..."

"බලාඉදපුවාවෙ... මට අද කොහොමහරි උබව ඕනි.. මෙච්චර දවසක් මන් ඉවසන් ඉදිය අදනම් මන් කොහොමහරි උබව මගේ කරගන්නව..."

ඍතු ...Where stories live. Discover now