ඍතු....39
(වසන්තය ....)" චූටි... ඔයා කැමතිනම් කොළඹ ගිහිල්ල එන්න .. මගෙන් ඒකට තහනමක් නෑ...අනික් දැන් ඔයාට ගෙදර කොටුවෙලා ඉන්න හේතුවක් කොහොමත් නෑනෙ ..."
මගෙ ඉස්සරහ ඉදන් සෝෆා එකේ වාඩි වෙලා ප්‍රභූ අයියට තුරුල් වෙලා ඉන්න රවීන් අයිය මන් දිහා බලල කිව්ව...
" ඒත් චූටි ..."
"කියන්න අයියෙ .."
"කොහේ ගියත්.. එකක විතරක් මතක තියාගන්න.. ඔයා දැන් ඉස්සර ඉදපු කොල්ල නෙවෙයි .. ඔයාට ඔයාගෙම කියල ගෙයක් තියනව.. ඔයාගෙම කියල පවුලක් තියනව.. අනික ආපහු එන්න තැනක් තියනව කියල.. "
"මන් ඒක දන්නව අයියෙ..."
"හ්ම්ම් .. එහෙනම් එච්චරයි .. පරිස්සමින් ගිහිල්ල එන්න.. දුලාන්..."
"කියන්න රවීන්..."
"මල්ලිව පරිස්සමින් බලාගන්න හරිද.."
"මේක මගෙ ජීවිතේ බන්.. ඉතින් කොහොමද මන් මේකව පරිස්සම් නොකර ඉන්නෙ..."
මගෙ ලග ඉදපු දුලාන් අයිය මගෙ ඔලුව කිස් කරන ගමන් කියද්දි මන් එයාට ලන් උනේ තවත් එයාගෙ උනුහුමේ ගුලිවෙලා මේ මොහොත සතුටින් විදින්න...
...............................................................
උදේ වෙනකම්ම මන් දුලාන් අයියගෙ උනුහුමේ ගුලි වෙලා නිදාගත්ත..
පහුගිය දවස් ටිකේම මන් බලන් ඉදියෙ ආයිමත් අයියට තුරුල් වෙන්න... දැන් ඇත්තටම එයා මට තුරුල් වෙලා ඉන්නව..එයාගෙ සිනිදු පපුවට තුරුල් වෙලා මගෙ කම්බුලක් ඒ පපුවට හේත්තු කරගෙන එයාගෙ සැහැල්ලුවෙන් හුස්ම ගද්දි උඩ පහල යන පපුව දිහා බලන් ඉන්න එක කියන්න බැරි විදිහෙ අමුතුන හැගීමක්...මම උදේ දුලාන් අයියට කලින් ඇහැරුනා..
ඒත් මන් එයාගෙන් පොඩ්ඩක් වත් ඈත් නොවී අයිය ලගටම වෙලා ඉදිය...එයාගෙ ඇස් පියවෙලා තියන විදිහ , සැහැල්ලුවෙන් වැටෙන හුස්ම මාව වෙනම ලෝකෙක නතර කරල තිබ්බ.. ඇත්තටම මන් බලාපොරොත්තු වෙන මම බලාපොරොත්තු උන හැම දේම මට ලැබිල තියනව දැක්කහම මට මගෙ වාසනාව ගැන ඇත්තටම හිතා ගන්න බෑ..
අනික මගෙ දයිවය ගැන මටම පුදුමයි...