ඍතු ...7

1.3K 266 18
                                    

ඍතු...7
(ගිම්හානය )

වාහනය මගෙ ලගට ඇවිල්ල බ්‍රේක් කරද්දිම වගේ ගැස්සුන පාටරමන් පාරෙ අයිනටම අයින් උනා..  අයින් උනා කිව්වට පැන්න ඒත් එක්කම කකුල අඩමාන්ටෙ හිටල මාව ලිස්සල වැටෙද්දි මන් ගිටාර් එක පරිස්සම් කරගන්න පුලුවන් උපරිම උත්සහයක් දුන්න...

අන්තිමට යාන්තමට ගිටාර් එක බිම වට්ට ගන්නෙ නැතුව මම විතරක් බිම වැටෙද්දි මන් කල්පනා කරේ මොකද්ද ඒ උනේ කියල..
මන් කලබල උනා.. එකක් මේ රෑ නිසා පාර හරියට පේන්නෙ නෑ  අනික් එක ඒ වාහනේ ගොඩක්ම ලගින් නවත්තපු නිසා බ්‍රේක් කරපු සද්දෙත් එක්ක මන් කලබල උනා..

මන් හිතෙන් වෙච්ච දේවල් පෙල ගහද්දි මට ඇහුන කාර් එකක දොර වැහෙන සද්දෙ...

" ආකාශ්.. ඔයා හොදින් නේද.."

ටිකක් කලබල උන සද්දයක් ඇහෙද්ද මන් ඒ දිහා බලුව.. ඒ ඉදියෙ දුලාන් සර්.. එයාගෙ වෙනද තියන ආඩම්බර පෙනුම නැති වෙලා වරදකාරී පෙනුමක් තියෙද්දි මන් වැටිල ඉදපු තැනින් ටක් ගාල නැගිට්ට..

" මන් හොදින් ඉන්න්නව සර්..."

" සොරි මන් හිතුවෙ නෑ ඔයා කලබල වෙයි කියල... "

"මන් වෙන කල්පනාවක ආවෙ සර් ඒකයි අනික මන් පොඩ්ඩක් ගැස්සිලා ගියා ඒක ප්‍රශ්නයක් නෑ..සර් යන්න මන් හොදින්.."

"ඇත්තටම සොරි ආකාශ්.. හරි දැන් එන්නකො මන් ඔයාව  ඩ්‍රොප් කරන්නම්..."

අනේ ඕනි නෑ සර් මන් මෙහෙම යන්නම් .. සර් යන්න..."

මන් කියන ගමන් කලිසමේ ගෑවිල තිබ්බ දූවිලි අතින් පිහිද ගත්තා..
මගෙ හොද ඇදුමකටම කියල තියෙන්නෙ මේක මේක ජරා උනොත් අනික් දවසෙ අදින්න එකක් නෑ අනික හදිසියේම මට ඇදුම් ගන්න සල්ලිත් නෑ...

මන් හිතෙන් කිය කිය කලිසම පිහිද ගත්තා..

" නෑ නගින්න මන් ඔයාව මගින් දාන්නම් .."

"කමක් නෑ සර් මට  යන්න පුලුවන්..."

"ආකාශ් ප්ලීස් නගිනවද වාහනේට.."

දුලාන් සර් ටිකක් සද්දෙන් තදින් කියද්දි මන් ටිකක් ගැස්සුනා..
මන් ගැස්සුනේ එයා සැරෙන් කතා  කරපු නිසා නෙවෙයි..මන් හිතුවෙ නෑ එයා එහෙම කතා කරයි කියල ඒක නිසයි මන් ගැස්සිලා  ගියෙ..
...........................................................

ඍතු ...Where stories live. Discover now