ඍතු ..26

1K 230 31
                                    

ඍතු...26
(සිසිරය..)


කාලයකට කලින් දැකපු ඒ ඇස් ආයි නොහිතපු වෙලාවක දකිද්දි මන් පුදුම වෙන්නද නැත්තම් දුක් වෙන්නද සතුටු වෙන්නද කියල හිතාගන්න බැරුම නතර වෙද්දි මන් වගේම ගේට්ටුවෙන් එලියෙ ඉදපු කෙනත් මාව ඇදුරගත්තා කියල මට දැනුනෙ එයාගෙ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි...
තත්පර ගානක් එහෙමම එතනට වෙලා බලන් ඉදිද්දි මගෙ ඇස් කොනකට අහු උනේ  මගෙ ඉස්සරහ ඉදපු කෙනාට අමතරව එයාගෙ පිටිපස්සෙන් කාර් එකෙන් බැහැපු කෙනාව...
එයාව දක්කහම මගෙ හිත කලින්ට වඩා කලබල වෙන්න ගනිද්දි මට මතකෙට ආව   එකම දේ මෙතනින් පැනල පලයන්  කියන එක විතරයි..
තත්පර ගානක ඇතුලත මන් ආපහු හැරිල ගේ දිහාට දුවන්න පටන් ගත්තා..
මන් මට පුලුවන් උපරිම වේගෙන් ගේ දිහාට දුවල ගියා...

" ආකාශ්... ඔහොම නවතින්න .. අනේ මල්ලි ඔහොම නවතින්න ප්ලීස්..."

"ආකාශ්... ඔහොම ඉන්නකෝ...ප්ලීස්..."

විහාන් අයියයි දුලාන් සරුයි කෑ ගහ ගහ මගෙ පස්සෙන් දුවන් එද්දි මන් ගෙට දුවල ගිහිල්ල මගෙ කාබරේට ගියා..
කාබරේ දොර තදින් වහල දාල මන්  දොර ලොක් කරා...

මට මොකක් කරන්නද කියල හිතාගන්න බෑ.. මන් කවදාවත් දුලාන් සර් මාව හොයන් එයි කියා හිතුවෙ නෑ අඩුම ගානෙ විහාන් අයිය එයි කියලනම් කොහොමවත් හිතුවෙ නෑ.. ඒත් දැන් දෙන්නම එකට ඇවිල්ල ඉන්නව දකිද්දි මට මොනා කරන්නද කියල ගලප ගන්න තේරුනේ නෑ...

................................................................

" ආකාශ් ... මල්ලියෝ අනේ මේ දොර අරින්න.. ප්ලීස් මල්ලි..."

විහාන් අයියා මන් ඉදපු කාබරේ දොරට ගහන ගමන් කියද්දි මන් දොරට හේත්තු වෙලා බිම වාඩි වෙලා හිටියෙ..
අනේ තේරුම් ගන්න අයියෙ මන් ඔයාලගෙ හොදටමයි ඔයාලගෙන් ඈත් වෙලා  ඉන්නෙ.. ප්ලීස්.. මට මෙහෙම ඉන්න දෙන්න මට මේ ජීවිතේ හොදයි..
මන් හිතෙන් කෑ ගහ ගහ කියද්දි මගෙ ඇස් වල කදුලු කඩා වැටෙන්නව මට දැනුන....

" ආකාශ් ... මේ අහන්න.. ප්ලීස් මේ දොර අහන්න .. ආකාශ් ...."

විහාන් අයියගෙ කටහඩ වෙනුවට මේ පාර දුලාන් සර්ගෙ කටහඩ ඇහෙද්දි මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙන එක නවත්තගන්න මට පුලුවන් උනේ නෑ....
මන්ද දුලාන් සර්ගෙ වචන වලට මගෙ හිතේ දැනි දැනි තිබ්බ වේදනාව තවත් වැඩි උනා කියලයි මට දැනුනෙ...

ඍතු ...Where stories live. Discover now