ඍතු 35

1K 211 25
                                    

ඍතු....35
(සිසිරය...)

දොරට ගහන සද්දෙ ඇහෙද්දිම මන් ඇදෙන් බැස්ස..නෑ ඇදෙන් පැන්න.. අඩියෙන් දෙකෙන් මම ඉදියෙ කාබරේ දොර ලග..
මන් දොරේ හැඩක් එක තද කරල දොර එක පාරටම ඇරියෙ අයියව හරි ප්‍රභූ අයියව හරි දකින බලාපොරොත්තුවෙන් ඒත්  දොර ලග ඉදියෙ දුලාන් අයිය...

" අයියේ..."

"මම ඇතුලට එන්නද...."

.................................................................

දුලාන් අයිය කාබරේ ඇතුලට ඇවිල්ල  ගිහිල්ල මගෙ ඇදෙන් වාඩි වෙද්දි මම කාබරේ දොර අඩවල් කරා...

එයා මගෙ ඇදේ වාඩි වෙලා  මන් දිහා බලන් ඉද්දි මම එයා ලගට ගියෙ  පහලදි මොනා වෙන්න ඇද්ද කියල  මගෙ හිතෙන් මගෙන්ම අහගන්න ගමන්..

" අයියෙ...මොකද උනේ.. අපේ අයිය බැන්නද..."

මන් අහද්දි එයා නෑ කියන්න වගේ ඔලුව වනල එයාගෙ එක අතක් දික් කරල මගෙ අතකින් අල්ලගෙන  මාව එයා ලගට ඇද්ද්ල අරගත්තා..

" මොකද උනේ කියන්නකො හලෝ..."

"මොකුත් නෑ ආකාශ් රවීනුයි මමයි ටිකක් කතා බහ කරා එච්චරයි ..."

" බොරු නෙවෙයි නේද.."

"නෑ ලමයො.."

"හ්ම්ම්.. "

"ඔයා මොකද්ද් මට රිප්ලයි නොකරෙ මන් හොදටම බය උනා අයියල දෙන්න ඔයාට බැන්නද කියල..මන් ඒකයි අනික් අතට දුවන් ආවෙ..."

" මන් පහල තට්ටුවෙ ඉදියෙ අයියෙ මට ඇහුනෙ නෑ.. අනික මට කවුරුත් කතා කරන්නෙ නෑනෙ ෆෝන් එකට ඒක නිසා මන් ඒක එච්චර බලන්නෙ නෑ..."

"දැන් මම කතා කරනවනෙ ඒක නිසා ලග පාතින්  තියාගන්න හරිද ..."

"හරි..."
මන් එහෙම කියන ගමන් දුලාන් අයියගෙ කකුලක් උඩින් පොඩි එකෙක් වගේ වාඩි උනා.. දුලාන් අයියත් ඒක බලන් ඉදිය වගේ මාව එයාගෙ ඇගට හේත්තු කරගත්තා..

" මන් අහන්න ඉදියෙ.. ඔයාට කොහෙන්ද මගෙ නම්බර් එක ඈ..."

"මන් හොයාගත්තා.."

"කොහොමද කියල තමා මන් අහන්නෙ හොයාගත්තෙ.."

"මේසෙ උඩ ෆෝන් එක තිබ්බ මන් ඉතින් මගෙ එකට මිස් එකක් දාගත්ත.."

ඍතු ...Where stories live. Discover now