ඍතු 29

1K 219 46
                                    

ඍතු......29
(සිසිරය....)

" චූටි... කොහෙද ඉන්නෙ...."
ප්‍රභූ අයියගෙ කටහඩ ලයින් එකේ අනික් කොනෙන් ඇදෙද්දි මම කතා කරන ගමන් දුලාන් අයියගෙ අත් වල හිර වෙලා තිබ්බ මගෙ අත මගෙ ලගට ඇදල ගත්තා..
මන් අත ඇදල ගද්දි එයා මන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉදිය.. ඒ ඇස් වල තිබ්බ පුදුමය දුකකට හැරෙද්දි මන් දුලාන් අයියගෙ ඇස් වල් මගෙ ඇස් අහකට අරගෙන ෆෝන් එකෙන් ඇහෙන ප්‍රභූ අයියගෙ කටහඩට ඈහුම්කන් දුන්න...

" මම හොටෙල් එකෙ ලග බීච්  එකේ අයියෙ...ඇයි..."

" රවීන් බයවෙලා ඔයා කොහෙද කියල ඒකයි.. "

"ම්ම්ම්.. මේ අරක මොකද උනේ..."
"මොකද්ද බන්.."

"අනේ ඇත්තටම මටත් ඉන්නවනෙ මෙහෙම මෝඩ වස්සො දෙන්නෙක්.. මන් දෙන්නට නිදහසේ ඉන්න ඉඩ දුන්නෙ ඔයාලට කතා කරන්න පාඩුවෙ.. "

"අනේ මට ඒක අහන්න බෑ බන්.."

" ම්ම්.. ඔයාට තවත් හිතේ ඕක හිර කරන් විදවන්න පුලුවන්නම් මට කමක් නෑ ඉතින්.."

"මට බෑ මල්ලි.. ඇත්තටම මට බෑ...."

"එහෙනම් කියන්න අයියෙ... කෝ දැන් අපේ අයිය..."

"කරුවලේ මිනිහ රැල්ල පාගනව.. මහ මැට්ටෙක්..."

"හ්ම්ම්ම්.. මන් හොටෙල් එකේ ඉන්නෙ මන් ගැන බයවෙන්න ඕනි නෑ ඔයාල නිදහසේ කතා කරල එන්න හාද..."

" හ්ම්ම්...."

............................................................

මන් එහෙම කියල ෆෝන් එක කට් කරල දාල ලොකු හුස්මක් හෙලුව..

" ඔයා ඇත්තටම එයාලට ගොඩක් ලන්  වෙලා නේද ආකාශ් ..."

දුලාන් අයිය අහද්දි මම ආයිත් එයා දිහා බැලුව...

" ඔව්...මන් එයාලට ගොඩක් ලන් වෙලා දුලාන් අයියෙ...එයාල නිසයි මම මෙහෙම ජීවත් වෙන්නෙ.. මට කිසිම දෙයක් නැතුව අසරන වෙද්දි රවීන් අයිය තමයි මට මේ හැම දේම දුන්නෙ... මට ආයි පවුලක් දුන්නෙ මාව පරිස්සම් කරේ මන් ඒ දෙන්න වෙනුවෙන් ඕන දෙයක් කරනව..."

"එතකොට ඔයාට අපිව අමතකද ආකාශ් .. විහාන්ව, නිවාසෙ ලමයිව මැඩම් මාව..."

දුලාන් අයිය අන්තිම ටික හිමින්ම කියද්දි මට ඇත්තටම දුක හිතුන...

ඍතු ...Where stories live. Discover now