ඍතු ......11
(ගිම්හානය ...)මන් බලා ඉදිද්දිම දුලාන් සර් මගෙ ලගට ඇවිල්ල මගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා..
ඒකෙන් උනේ මගෙ ඇස් වලින් වැටෙන කදුලු තව ටිකක් අලුත් උන එක විතරයි..
මට ඕනි උනේ දුලාන් සර්ට තුරුල් වෙන්න තුරුල් වෙලා හිතේ තියන මේ හැමදේම අමතක වෙලා යනකම් අඩන්න.. ඒත් මොකද්ද මන්ද හේතුවකට මට දුලාන් සර්ට ලන් වෙන්න හිතුනෙ නෑ.. ඒ වගේම දුලාන් සරුත් මට ලන් උනේ නෑ.
මම කලේ බිම බලාගෙන ඔහේ කදූලු හලන එක..ඒත් එක්කම මට ඇහුන දුලාන් සර්ගෙ ෆෝන් එක රිංග්ස් යනව.. මගෙ ඔලුව අතගාන එක නවත්තල ෆෝන් එක ආන්සර් කරනව වෙනුවට එයා මගෙ ඔලුව අතගාන ගමන්ම සාක්කුවෙන් ෆෝන් එක අරගෙන ඒක ආන්සර් කරා..
" හලෝ.. වි.........ඔව් කියහන් බන්...."
එක පාටරම ටිකක් කලබලෙන් වගේ දුලාන් සර් කිව්ව කියල මට දැනුනෙ ෆෝන් එක ආන්සර් කරද්දිම සර් මගෙ ඔලුවෙන් ටක් ගාල අත ආපහු ගත්ත නිසා..
මගෙ ඇස් වල කදුලු නිසාම මටත් එක පාටරම එයා දිහා බලන්න පුලුවන් උනේ නෑ...
මන් ඉතින් ඇස් වල කදුලු පිහිදන ගමන් එයා කතාකරන එකට කන් දුන්න.." ආ නෑ බන්.. හැම දේම ශේප්..
නෑ ..නෑ ...මන් ඒක බලාගන්නම් උබ බයවෙන්න එපා...මොකක්..
අපේ ගෙදර එනව.. දැන්ද..
ආ හරි..
ඉදපන් මන් ටක් ගාල එන්නම්..."" ආකාශ් ..."
ෆෝන් එක කට් කරල දාල සර් මගෙ නම කියද්දිම මන් ගැස්සිලා සර් දිහා බැලුව ඒ වචන වල ලොකු කලබලයක් මට දැනුනා....
" ඔව් සර්..."
අඩපු නිසාද මන්ද මගෙ උගුර ටිකක් බැරන්ඩි වෙලා...
"මම යනව..මගෙ යාලුවෙක් එනව කිව්ව හදිස්සියකට..."
"හරි සර්....."
"තව දෙයක්... ඔයා හෙට වැඩට එන්න ඕනි නෑ.....හෙට නිවාඩු ගන්න...."
"නෑ සර් ඒකට කමක් නෑ මන් වැඩට එන්නම්..."
"කියන දේ අහන්න බැරිද...හෙට නිවාඩු එච්චරයි ...."
ටිකක් සද්දෙන් කියද්දි මන් බිම බලාගත්තා...
ඇත්තටම ඇයිද මන්ද අනික් කාටවත් ලේසියෙන් යටත් නොවෙන මම දුලාන් සර්ගෙ එක වචනෙකට පවා මෙහෙම එකග වෙන්නෙ...